ඉරාන ජනපති සියල්ලන්ගෙන්ම සමාව අයදියි - හේතුව මෙන්න
කලාපීය උණුසුම්කාරී තත්ත්වය සාමාන්‍ය කර ගැනීමේ අරමුණින්, ඉරාන ජනාධිපති මසූද් පෙසෙෂ්කියන් තමන් අසල්වැසි රටවලට එල්ල කළ ප්‍රහාර සම්බන්ධයෙන් කණගාටුව ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව ඔහු අවට රටවල්වලින් සමාව ඉල්ලීමට පෙළඹී සිටින බව ඉරාන මාධ්‍ය වාර්තා කරයි.
ඉරාන ජනාධිපතිවරයා, අසල්වැසි රටවලින් මෙම සමාව අයැදීමේදී, ප්‍රහාරවලින් ඇති වූ තත්ත්වය පිළිබඳ අවධානය යොමු කරමින්, අනාගතයේදී ඒ රටවල් ඉරානය වෙත කිසිදු ප්‍රහාරයක් එල්ල නොවන තුරු, එම රටවල් ඉලක්ක කර කිසිදු ප්‍රහාරයක් සිදු නොකරන බව අවධාරණය කර තිබේ.
දේශපාලන විශ්ලේෂකයන්ගේ අර්ථ දැක්වීමෙන් පෙනෙන්නේ, මෙම පියවර කලාපයේ පවතින ගැටුම්කාරී වාතාවරණය ලිහිල් කිරීමට ගත් වැදගත් සහ තත්ත්ව සාමකාමී කිරීමේ උත්සාහයක් බවයි.