ඉරානයෙන් ලෝකයටම තර්ජන - අපිට ගහන යුරෝපා සංගමයේ ඕනෑම රටක් අපේ නීත්‍යනුකූල ඉලක්ක

Report

එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කරන ප්‍රහාරවලට සම්බන්ධ වන යුරෝපා සංගමයේ ඕනෑම සාමාජික රටක් ඉරානය විසින් සිදු කරන ප්‍රතිප්‍රහාර සඳහා "නීත්‍යනුකූල ඉලක්ක" බවට පත්වන බව ඉරාන නියෝජ්‍ය විදේශ අමාත්‍ය මජීඩ් තක්ත්-රාවන්චි (Majid Takht-Ravanchi) ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව 'France 24' රූපවාහිනී නාලිකාව සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කර ඇති බව සඳහන්.

මේ අතර ප්‍රංශය, ග්‍රීසිය සහ ඉතාලිය වැනි යුරෝපා සංගමයේ ඇතැම් රටවල් මැදපෙරදිග කලාපයට යුධ නෞකා යවා ඇති අතර, බොහෝ ඉහළ පෙළේ යුරෝපා සංගම් නිලධාරීන් කලාපයේ ඉරාන ප්‍රහාර හෙළා දැක ඇති බව ද වාර්තා වේ.

ඇවිලෙන යුධ ගිනි මැද රුසියානු ජනපතිගෙන් ඉරාන ජනපතිට හදිසියේ දුරකථන ඇමතුමක් - කතා කළ හේතුව මෙන්න

ඇවිලෙන යුධ ගිනි මැද රුසියානු ජනපතිගෙන් ඉරාන ජනපතිට හදිසියේ දුරකථන ඇමතුමක් - කතා කළ හේතුව මෙන්න

එමෙන්ම ඔවුන් වැඩි වශයෙන් ඉල්ලා සිටින්නේ මෙම ගැටුම අවසන් කරන ලෙසත්, රාජ්‍ය තාන්ත්‍රික විසඳුමකට එළඹෙන ලෙසත් ය.

මේ අතර ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස් (Friedrich Merz) සිකුරාදා ප්‍රකාශ කළේ, ඉරානය සමඟ පවතින සටන් අවසන් කිරීමට ක්‍රමවේදයක් සොයා ගැනීමට බර්ලිනය තම හවුල්කරුවන් සමඟ කටයුතු කරමින් සිටින බවයි.

ඒ අතර තමාගේ රට අමෙරිකාවේ සහ ඊශ්‍රායලයේ අරමුණු බෙදාගන්නා බව ද ඔහු වැඩිදුරටත් පවසා ඇත.

ඩුබායි ගුවන්තොටුපළට ඉහළින් පිපිරීමක් - විශාල දුමාරත් සමඟ සංසරණය වූ වීඩියෝවලින් සමාජ මාධ්‍යයේ කැළඹෙයි

ඩුබායි ගුවන්තොටුපළට ඉහළින් පිපිරීමක් - විශාල දුමාරත් සමඟ සංසරණය වූ වීඩියෝවලින් සමාජ මාධ්‍යයේ කැළඹෙයි

වැඩි වෙන යුධ උණුසුම නිසා ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම්දීමක්

වැඩි වෙන යුධ උණුසුම නිසා ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම්දීමක්

ඉරානයෙන් පිට පිටම මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එක්සත් අරාබි එමීර් රාජ්‍යට

ඉරානයෙන් පිට පිටම මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එක්සත් අරාබි එමීර් රාජ්‍යට