ජනපතිට ප්‍රවේශම් වෙන මෙන් අනතුරු ඇඟවීමක් - ගම්මන්පිලගෙන් x සටහනක්

Report

පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් සිය x ගිණුමේ සටහනක් යොදා ඇත්තේ හිටපු ජනපති රනිල් අත්අඩංගුවට ගත් ජනපති අනුර ප්‍රවේශමෙන් සිටිය යුතු බවටයි.

අඳාළ සටහනෙන් රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගත් වරද සැබවින්ම වරදක් නම් ලංකාවේ සිටි සෑම රාජ්‍ය නායකයෙකුම අත්අඩංගුවට ගත යුතු බව ඔහු සඳහන් කර ඇත.

එසේම එම සටහනේ වැඩිදුරටත් දැක්වෙන්නේ,

බලශක්ති ඇමතිට එරෙහිව සජබයෙන් විශ්වාසභංග යෝජනාවක්

බලශක්ති ඇමතිට එරෙහිව සජබයෙන් විශ්වාසභංග යෝජනාවක්

"තොරතුරු දැනගැනීමේ අයිතිය භාවිතා කරමින් ඕෂල හේරත් විසින් වුල්වර්හැම්ටන් විශ්ව විද්‍යාලයෙන් විමසූ ප්‍රශ්නයට පිළිතුරු ලබාදෙමින් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා 2023 දී එම විශ්ව විද්‍යාලයට පැමිණියේ නිල ආරාධනයක් අනුව බව දැනුම් දී ඇත. රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගත් දිනයේ සිටම මා පැවසුවේ මෙය නිරර්ථක විවාදයක් බවයි. ජනපතිවරයෙකුගේ ගමන් නිල වුවත් නැතත් ආරක්ෂාව සහ අනෙකුත් යටිතල පහසුකම් රජය විසින් සැපයිය යුතුයි. එය ලෝක සම්මතයයි. නැතිනම් සතුරන් විසින් රාජ්‍ය නායකයා ගොදුරු කරගන්නේ ආරක්ෂකයින් නොමැතිව ආරක්‍ෂිත වාහන නොමැතිව පෞද්ගලික ගමනක යෙදෙන විටයි. රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගත් වරද සැබැවින්ම වරදක් නම් ලංකාවේ සිටි සෑම රාජ්‍ය නායකයෙකුම අත්අඩංගුවට ගත යුතුයි. මක්නිසාදයත් ඔවුන් සියලුම දෙනා ඒ වරද කර තිබෙන බැවිනි. මෙම අත්අඩංගුවට ගැනීමේ මහ මොළකරු ජනපති අනුරට ද නුදුරු අනාගතයේ දී මේ අත්අඩංගුවට ගැනීම පාරා වළල්ලක් වනු ඇත." 

ඇවිලෙන යුධ ගිනි මැද රුසියානු ජනපතිගෙන් ඉරාන ජනපතිට හදිසියේ දුරකථන ඇමතුමක් - කතා කළ හේතුව මෙන්න

ඇවිලෙන යුධ ගිනි මැද රුසියානු ජනපතිගෙන් ඉරාන ජනපතිට හදිසියේ දුරකථන ඇමතුමක් - කතා කළ හේතුව මෙන්න

ලංකාවේ ආන්දෝලනයක් ඇති කළ ඉරාන නැවේ හිටපු අයව ආයේ භාර දෙන්න එපාලු - යුද්ධේ මැද අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට බලපෑම්?

ලංකාවේ ආන්දෝලනයක් ඇති කළ ඉරාන නැවේ හිටපු අයව ආයේ භාර දෙන්න එපාලු - යුද්ධේ මැද අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට බලපෑම්?