මැදපෙරදිග බිහිසුණු යුධ ගැටුම් මැද ඉරාන නෞකාවේ පිරිස මුදා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය මැදිහත් වූ ආකාරය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පැසසුමට

Report

ඉරාන නෞකාව සහ එහි සිටි පිරිස මුදා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය මැදිහත් වූ ආකාරය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇගයුමට ළක්ව තිබේ.

ඉරානෙට ගහන්න පළමු පැය 100 ට ඇමෙරිකාවට ඩොලර් බිලියන 3.7 ක වියදමක්

ඉරානෙට ගහන්න පළමු පැය 100 ට ඇමෙරිකාවට ඩොලර් බිලියන 3.7 ක වියදමක්


එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නිත්‍ය නියෝජිත මාර්ක් ඇන්ඩ්‍රේ ෆ්‍රෙන්ෂේ මහතා සිය “X” ගිණුමේ සටහනක් තබමින් සඳහන් කරන්නේ, එක්සත් ජාතීන්ගේ සහ ජාත්‍යන්තර සම්මුතීන් මත පදනම්ව බහුපාර්ශ්විකවාදය කෙරෙහි ඇති කැපවීම ගරු කරමින්, අපක්ෂපාතීත්වය සහ සාමය උදෙසා ශ්‍රී ලංකා රජය දක්වන මානුෂීය මැදිහත්වීම ඔවුන් ඉතා අගය කරන බවයි.

සීමිත ගුවන්ගමන් වාර සදහා කටාර් ගුවන් කලාපය අර්ධ වශයෙන් විවෘත කරයි

සීමිත ගුවන්ගමන් වාර සදහා කටාර් ගුවන් කලාපය අර්ධ වශයෙන් විවෘත කරයි

බලශක්ති ඇමතිට එරෙහිව සජබයෙන් විශ්වාසභංග යෝජනාවක්

බලශක්ති ඇමතිට එරෙහිව සජබයෙන් විශ්වාසභංග යෝජනාවක්

තවද මාර්ක් ඇන්ඩ්‍රේ ෆ්‍රෙන්ෂේ මහතා නිකුත්කළ “X” පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් වනුයේ නෞකාවත් එහි සිටි පිරිසත් මුදා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය කටයුතු කළ ආකාරයෙන්, ජාත්‍යන්තර වශයෙන් ලබා දී ඇති පොරොන්දු සුරැකීමට ශ්‍රී ලංකාවේ කැපවී මැනවින් පිළිඹිබු වන බවයි.


Gallery