ෆයිසර් එන්නත් 26000 ලැබෙන වයස් සීමාව මෙන්න..කෙටි පණිවුඩයකින් දැනගන්න.
Corona
Colombo
Fizer vaccines
By Aruna
මෙරටට ලැබුණු ෆයිසර් එන්නත් මාත්‍රා 26,000 වයස අවුරුදු 55 ට වැඩි අයට 2 වන මාත්‍රාව ලෙස ලබා දීමට හෙට දිනයේ නියමිතව ඇති බව යුධහමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
ඒ අනුව ඊට අදාල දිනය, වේලාව සහ ස්ථානය කෙටි පණිවුඩ මගින් දැනුම් දෙනු ලැබේ.
මේ අතර කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (06) දිනයේ ද ස්ථාන කිහිපයකම එම වැඩසටහන් ක්‍රියාත්මක වේ.
එය සෞඛ්‍ය අංශවල උපදෙස් මත එම වැඩසටහන් සිදුකෙරෙනු ඇත.
ඒ අනුව අද දිනයේ එන්නත්කරණ වැඩසටහන දිස්ත්‍රික්ක 14ක් ආවරණය වන පරිදි ස්ථාන 74කදී සිදුකරනු ලැබේ.
You may like this video
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |