අගමැති හරිනි ඉන්දීය අගමැති මෝදි හමුවෙයි
ඉන්දීය නිල සංචාරයක නිරත වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර හමුවක් සිදුව තිබේ.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා X වෙබ් අඩවිය (පැරණි Twitter) මගින් පණිවිඩයක් නිකුත් කරමින්, ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරිය පිළිගැනීම තමන්ට සතුටක් වූ බව සඳහන් කර ඇත.
මෙම හමුවේදී අධ්‍යාපනය, කාන්තා සවිබල ගැන්වීම, නවෝත්පාදනය, සංවර්ධන සහයෝගීතාව, සහ ධීවරයින්ගේ සුභසාධනය ඇතුළු විෂය පථ විශාල පරාසයක සාකච්ඡා පැවැත්වූ බවත්, එම සටහනේ සඳහන් වේ. අමතරව, කලාපීය සමෘද්ධිය හා අන්තර්රාජ්‍ය හිතකාමීත්වය උදෙසා මෙම හමුව වැදගත් මොහොතක් වී තිබේ බවද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා තවදුරටත් සඳහන් කර තිබේ.