පෑලියගොඩ මාළු මේසයක් නිසා විශ්‍රාමික පොලිස් නිලධාරියාට වැඩ වරදී

Report

පෑලියගොඩ පිහිටි ලංකා ධීවර සංස්ථාවට අයත් තොග මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ කළමනාකාරවරයා ලෙස කටයුතු කළ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ යුද හමුදා නිලධාරිවරයෙකු මාළු කැපීම සඳහා භාවිත කරන මේසයත් අනීතික ලෙස ලබා දී බාධාවකින් තොරව එය භාවිත කිරීම සඳහා ඉඩකඩ සැපයීමට ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂයක අල්ලසක් ලබා ගැනීම් චෝදනාවට වරදකරු විය.

කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න  ඊයේ (16) බරපතළ වැඩ සහිත වසර හයක සිරදඬුවම් ඔහුට නියම කර තිබේ . එමෙන්ම සැකකරු වෙනුවෙන් අදාළ අල්ලස භාරගෙන සිය භාරයේ තබා ගත් මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ අධ්‍යක්ෂ සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකුට ද බරපතල වැඩ සහිත වසර 04ක සිර දඩුවමක් නියම කිරීමට මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය නියෝග කරන ලදි.ඒ අල්ලස භාරගෙන සිය භාරයේ තබාගෙන අල්ලස් ලබා ගැනීම සඳහා ආධාර අනුබල දීමේ චෝදනාවටයි.

පාසල් වෑන් රථයක වැදී අදත් උදේම දරුණු අනතුරක් - පුද්ගලයෙක් ජීවිතක්ෂයට

පාසල් වෑන් රථයක වැදී අදත් උදේම දරුණු අනතුරක් - පුද්ගලයෙක් ජීවිතක්ෂයට

පළමු විත්තිකරු උතුරු නැගෙනහිර පවා සේවය කර සම්මාන දිනූ, පෙර වැරදි නොමැති 43 හැවිරිදි දෙදරු පියෙකු බවත්, දෙවන විත්තිකරු සේවයේදී වෙඩි වැදීමකින් තුවාල ලබා විශ්‍රාම ගිය, නිකැළැල් සේවයක් ඇති 53 හැවිරිදි දෙදරු පියෙකු බවත් පෙන්වා දෙන ලදි.

නමින් එම්.වී. ජවින්ත ගිහාන් හා ජෝන් බාලසිංහ ක්ලිටර්ස් වන ඔවුන් දෙදෙනා ට රුපියල් 5000 හිස් වූ දඩයක් ද නියම කළ විනිසුරුවරිය මින් ඉදිරියට කිසිදු මැතිවරණයක් සඳහා ඡන්ද හිමියෙකු ලෙස ලියාපදිංචි කිරීම, ඡන්ද භාවිත කිරීම මෙන් ම ඡන්ද අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වීම නුසුදුස්සන් බවට ඔවුන් නම් කර එකි නියෝගය වහා ම මැතිවරණ කොමිෂන් සභාව වෙත යවන ලෙසට ද නියෝග ලැබී තිබේ.

එයට අමතරව පළමුවන විත්තිකරු ලබාගත් රුපියල් ලක්ෂයක අල්ලස් අතිරේක දඩයක් ලෙස අය කර ගැනීමට ද නියම කළ විනිසුරුවරිය තම අතිරේක දඩය නොගෙවන්නේ නම් අමතර මාස හයක බරපතළ වැඩ සහිත සිර දඬුවම් ලබා දීමට ද නියම කළා ය.

අද ඉඳන් මේ ගුවන්තොටුපළේ ලොකු වෙනසක්

අද ඉඳන් මේ ගුවන්තොටුපළේ ලොකු වෙනසක්

මෙලෙස විත්තිකරුවන්ට එරෙහිව චෝදනා 18ක් යටතේ නඩු පවරා තිබුණද, දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව ඔවුන් වරදකරුවන් වී ඇත්තේ චෝදනා දෙකකට පමණක් බව තීරණය කළ විනිසුරුවරිය සෙසු සියලු චෝදනාවලින් ඔවුන් නිදොස් කොට නිදහස් කිරීමටද නියෝග කළාය.

විනිසුරුවරිය ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙකු ලෙස කටයුතු කළ පළමුවන චිත්තසාර පරිශ්‍ර කළමනාකාරවරයා මෙන් ම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු ලෙස කටයුතු කළ දෙවැනි විත්තිකරු විනයගරුකව කටයුතු කළ යුතු එවැනි වැරදි සිදු නොකළ යුතු පුද්ගලයන් වුවත් වැරදි පිටු දැකීම වෙනුවට ඒවා සිදු කිරීම හා ආධාර අනුබල දීම ඉතා බරපතළ කරුණු වන්නේ යැයි තීන්දුව නිකුත් කරමින් පැහැදිළි කර දී තිබේ.