ගුරු මාරු වීම් ගැටලු තවත් උඩු දුවයි - මණ්ඩලේ අස්සට පාලිමේන්තු මන්ත්‍රීලත් ‍රිංගලා

Report

ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා විසින් උතුරු මැද පළාතේ සිදුකළ ගුරු මාරු වීම් සම්බන්ධයෙන් යළි අභියාචනා ඉදිරිපත් කිරීමට පිහිටුවන ලද අභියාචනා මණ්ඩලයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පළාත් පාලන සභාපතිවරු, පළාත් පාලන නියෝජිතවරු සිටින බවට චෝදනා කරයි.

ඒ පිළිබඳව උතුරු මැද පළාත් ප්‍රධාන සහ අධ්‍යාපන අමාතත්‍යාංශයේ ලේකම් කේ. එම්. එච්. එස්. කේ. ජයලත් මහතාගෙන් කළ විමසීමේදී ඔහු සඳහන් කර ඇත්තේ එය අසත්‍යයක් බවටයි.

ඒ අනුව ඔහු අවධාරණය කර ඇත්තේ අභියාචනා කම්ටුවට සාමාජිකයන් හය දෙනෙකු පත්කර තිබෙන අතර ඒ අතර කිසිදු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හෝ පළාත් පාලන නියෝජිතයකු ඇතුළත් වී නැති බවයි.

ඉදිරි අධ්‍යයන වර්ෂයේදී 1 - 6 ශ්‍රේණිවලට පෙළපොත් නැහැ - මෙන්න අමාත්‍යාංශ තීරණය

ඉදිරි අධ්‍යයන වර්ෂයේදී 1 - 6 ශ්‍රේණිවලට පෙළපොත් නැහැ - මෙන්න අමාත්‍යාංශ තීරණය

මේ අතර ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කරන්නේ 2002/43 දරන ගුරු මාරු ප්‍රතිපත්තියට අනුව මාරුවීම් සිදු කර නැති බවයි.

එසේම 2007/73 ගුරු මාරු ප්‍රතිපත්තියේ අභියාචනා මණ්ඩලය අංක 2 සහ 5 වගන්තිවලට අනුව අභියාචනා මණ්ඩල පත් කර නැති බවද ඔහු කියයි.

එමෙන්ම සභාපතිවරයා පෙන්වා දෙන්නේ ආයතන සංග්‍රහයේ තුන්වැනි(3) පරිච්ඡේදය අනුව ගුරු මාරු අභියාචනා මණ්ඩලය සියලුම ගුරු වෘත්තීය සමිති නියෝජනය වන ආකාරයට පත් කළ යුතු වුවත් ආණ්ඩුවට සම්බන්ධ වෘත්තීය සමිතිය පමණක් ඒ සඳහා නම් කිරීම නීත්‍යනුකූල නොවන බව‍යි.

එබැවින් සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ මෙම අනීතික නීත්‍යනුකූල නොවන අභියාචනා මණ්ඩලය අවලංගු නොකළහොත් අධිකරණමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

දීපාවලි උත්සවයට විශේෂ පාසල් නිවාඩුවක්

දීපාවලි උත්සවයට විශේෂ පාසල් නිවාඩුවක්

රන් වෙළඳපොල උණුසුම්.. රන් මිල ලක්ෂ 4 සීමාව පනී

රන් වෙළඳපොල උණුසුම්.. රන් මිල ලක්ෂ 4 සීමාව පනී