ප්‍රධාන පාසලක සිසුන් 13 දෙනෙක් හදිසියේම රෝහල් ගත කරයි

Report

ගොඩකවෙල නගරයේ ප්‍රධාන පාසලක හයවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් දහතුන් දෙනෙකුට ආහාර විෂවීමක් නිසා පෙරේදා (15) දින රෝහල් ගත කර ඇති බව දෙමාපියෝ ප්‍රකාශ කරයි.

ඒ පාසලේ පැවති විෂය නිර්දේශයට අදාළ ක්‍රියාකාරකමක් අතරතුරදී සිසුන් විසින් සකස් කරන ලද සැන්ඩ්විච් ආහාරයට ගැනීමෙන් අනතුරුව බව සඳහන්.

ඒ අනුව එම සැන්ඩ්විච් ආහාරයට ගැනීමෙන් පසු මෙම දරුවන්ට ආසාත්මිකතා සහ සංකූලතා තත්ත්වයන් හටගෙන ඇත. අනතුරුව රෝගී වූ දරුවන් 'සුවසැරිය' ගිලන් රථ සහ වෙනත් වාහන යොදා ගනිමින් කඩිනමින් ගොඩකවෙල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඉදිරි අධ්‍යයන වර්ෂයේදී 1 - 6 ශ්‍රේණිවලට පෙළපොත් නැහැ - මෙන්න අමාත්‍යාංශ තීරණය

ඉදිරි අධ්‍යයන වර්ෂයේදී 1 - 6 ශ්‍රේණිවලට පෙළපොත් නැහැ - මෙන්න අමාත්‍යාංශ තීරණය

කෙසේ වෙතත් මෙම සිදුවීම පිළිබඳව විමසූ විට පාසලේ විදුහල්පති ජිනාල් ගුණරත්න මහතා සඳහන් කළේ එක් සිසුවෙකු විසින් නිවසින් රැගෙන ආ ආහාරයක් සෙසු සිසුන් කණ්ඩායමක් විසින් අනුභව කිරීමෙන් අනතුරුව ඇතිවූ උදර ආබාධයක් නිසා ගුරුවරුන් විසින් ඔවුන් රෝහල් ගත කිරීමට කටයුතු කළ බවයි.

එසේම අඳාළ ආහාර පාසල් ආපනශාලාවෙන් ලබා ගත්තක් නොවන බව අවධාරණය කළ විදුහල්පතිවරයා, තමන් පෙරේදා දිනයේ වෙනත් වැඩසටහනකට සහභාගී වී සිටි නිසා රෝහල් ගත කළ නිශ්චිත සිසුන් සංඛ්‍යාව නොදන්නා බවද පැවසූ බව සඳහන්.

මේ අතර ගොඩකවෙල ප්‍රාදේශීය රෝහලේ ප්‍රකාශකයෙකු කියා සිටියේ සංකූලතා නිසා රෝහලට ඇතුළත් කළ දරුවන් දහතුන් දෙනාම අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමෙන් අනතුරුව එදිනම(15) සුවය ලබා රෝහලෙන් පිටව ගිය බවයි.

බෙංගාල බොක්ක කැළඹෙන්න යයි - ලංකාවට නරක ආරංචියක්

බෙංගාල බොක්ක කැළඹෙන්න යයි - ලංකාවට නරක ආරංචියක්

අද ඉඳන් මේ ගුවන්තොටුපළේ ලොකු වෙනසක්

අද ඉඳන් මේ ගුවන්තොටුපළේ ලොකු වෙනසක්