AI නිසා වෙන්න යන නරකම දේ - ලෝකෙටම අසුබ ආරංචියක්

Report

ලොව පුරා සෑම රැකියාවක්ම පාහේ කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence -AI) මඟින් වෙනස් කරන බවට දරුණු අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

ඒ අනුව මෙම අනතුරු ඇඟවීම කර ඇත්තේ ඇමරිකාවේ විශාලතම පෞද්ගලික සේවා යෝජකයා වන Walmart හි ප්‍රධාන විධායක නිලධාරීවරයා මඟින් බව සඳහන්.

ඔහු පවසන ආකාරයට මෙම AI විප්ලවය නිසා රැකියා රැසක් අහිමි වීමට ඉඩ ඇත. ඇමරිකාවේ විශාලතම පෞද්ගලික සේවා යෝජකයා වන Walmartහි සේවකයන් ලක්ෂ 21 ක් පමණ සේවය කරයි.

එසේම ඔවුන් ඉදිරි වසර 3 තුළ තමන්ගේ ගෝලීය සේවා බලකායේ ප්‍රමාණය මිලියන 2 කට වඩා තරමක් වැඩි මට්ටමක පවත්වා ගැනීමට බලාපොරොත්තු වන බව ප්‍රධාන විධායක නිලධාරීවරයා පවසයි.

බෙංගාල බොක්ක කැළඹෙන්න යයි - ලංකාවට නරක ආරංචියක්

බෙංගාල බොක්ක කැළඹෙන්න යයි - ලංකාවට නරක ආරංචියක්

කෙසේ නමුත් රැකියාවල ස්වභාවය වෙනස් වනු ඇති බව ඔහු සඳහන් කළා. මේ අතර ලෝක ප්‍රකට Ford මෝටර් රථ නිෂ්පාදන සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා AI නිසා අමෙරිකාවේ සමස්ත සුදු කරපටි සේවකයින්ගෙන් අඩක් පමණ ඉවත් කිරීමට සිදුවනු ඇති බවට මෑතකදී අනාවැකි පළ කර සිටියා.

මෙහි සඳහන් සුදු කරපටි සේවකයන් යනු කාර්යාල පරිසරයක දැනුම මත පදනම් වූ, පරිපාලන සහ කළමනාකරණ රැකියා ඉටු කරන කොට්ඨාශයයි.

කෙසේ වුවත් ඉදිරි වසර 5 තුළ ගෝලීය වශයෙන් මිලියන 92ක පමණ රැකියා අහිමි වීමක් බලාපොරොත්තු වේ. එහෙත් ලෝක ආර්ථික සංසදයේ සමීක්ෂණයකට අනුව, විශාල සමාගම් 1,000ක් ඇසුරින් ලබාගත් දත්තවලින් පෙන්නුම් කරන්නේ AI මඟින් මිලියන 170ක රැකියා උත්පාදනය කිරීමට අපේක්ෂා කරන බව‍යි.

මේ අතර පෙර වසරේදී 2023-2024 දක්වා කාලය තුළ AI-විශේෂිත කාර්ය සඳහා වන රැකියා ලැයිස්තුගත කිරීම් දෙගුණයකටත් වඩා වැඩි වී ඇති බවට දත්ත වාර්තා වුණා.

මෙහිදී මෙම වෙනස්කම් භයානක වුවත්, මෙම තත්ත්වයෙන් ඉදිරියට යාමට මාර්ගයක් යෝජනා කරන අතර ඒ AI වෙතින් පලා නොයා ඒ දෙසටම යන ලෙසයි.

කෙසේ වෙතත් සමාගම් බලධාරීන් අවධාරණය කරන්නේ පුද්ගලයන් ChatGPT සහ Google ඇතුළු සියලුම AI සෙවුම් යන්ත්‍ර අවම වශයෙන් හෝ වැළඳ ගැනීමට සහ ඊට අනුගත වීමට පටන් ගත යුතු බවයි.

විදුලිය ඇනහිටීම් සම්බන්ධයෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්

විදුලිය ඇනහිටීම් සම්බන්ධයෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්

අද ඉඳන් මේ ගුවන්තොටුපළේ ලොකු වෙනසක්

අද ඉඳන් මේ ගුවන්තොටුපළේ ලොකු වෙනසක්