"දැන්නම් පරණ සෙල්ලම් බෑ.. මම ලිමිනිට ලිමිනි මට" - නාමල් කියයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) ජාතික සංවිධායක වන බහුපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා, තමාගේ පෙම්බැන්දේ සෙව්වන්දි නොවන බවත්, ඇය තමන්ගේ "ලිමිණි"බවත්, තමාට දරුවන් දෙදෙනෙකු සිටින බවත් අද (17) පෙරවරුවේ නෙළුම් මාවතේ පිහිටි පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවැත්වූ රැස්වීමකින් පසු මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.
මෙම ප්‍රකාශය ලබාදීමට හේතු වූයේ මාධ්‍යවේදීන්ගෙන් සෙව්වන්දි පිළිබඳව එල්ල වූ ප්‍රශ්නයකි.
අද රැස්වීමදී, රටේ වත්මන් ආර්ථික තත්ත්වයන්, රාජ්‍ය සේවකයින්ගේ ගැටලු සහ දේශපාලන උපායමාර්ග පිළිබඳව සාකච්ඡා වූවා. රැස්වීමෙන් පසු මාධ්‍යවේදීන් ඉරේෂා සෙව්වන්දිගේ සම්බන්ධතාවය පිළිබඳව විමසන විට නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේ;
"ඉරේෂා සෙව්වන්දි මගේ පෙම්බැන්දේ නොවෙයි. ඇය මගේ ලිමිණි – අපි අතර ආදර සම්බන්ධතාවයක් තිබෙනවා.මට දරුවන් දෙදෙනෙකු සිටිනවා. මේක ගැන මම ආදරයෙන් කතා කරනවා, ඒත් දේශපාලනයට මිස් යොදාගන්න එපා."
පාතාලයට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳ පොලිසිය සොයාබැලීම් සිදුකළ යුතු බවත්, ඔවුන්ගේ රටින් පිටවීම සම්බන්ධයෙන්ද අවධානය යොමුකළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
පොලිසිය භාර නියෝජ්‍ය ඇමතිතුමා කිව්වේ ලේකම් කෙනෙක් පාස්පෝට් දාහතක් හොරාට හදාගෙන ගිහිල්ලා කියලා. එතකොට කවුද මේ ලේකම්?
"කවුද පොලිසිය භාර ඇමතිතුමාට මේ තොරතුරු දුන්නේ. එතකොට පොලිසිය භාර ඇමතිතුමාට වගකීමක් තියෙනවා වහාම මේ පිළිබඳව රටට හෙළි කරන්න. මේ ගිය පිරිස අය අතරත් පාතාලයේ කට්ටිය ඉන්න ඇති. ඒ නිසා පොලිසිය භාර නියෝජ්‍ය ඇමතිතුමා මේ ගැන අවධානය යොමු කරන්න ඕන. ඊට අමතරව කන්ටේනර් 323 පැන්නූ විදියට පාතාලයේ කට්ටියකුත් පිටරට පැන්නුවාද යන ප්‍රශ්නය මේ අවස්ථාවේදී මතු වෙනවා. මේ ආණ්ඩුව අද කරන්නේ ඔවුන් පොකට් ගහලා රාජපක්ෂවරුන්ගේ පස්සේ පන්නන එක. මේ ආණ්ඩුවේ පොකට් ගහන අය ගැන ඉදිරියේදී රටත් සමාජයත් දැනගනීවි. අධිකරණ නියෝග පිළිගන්න එපැයි කියන මට්ටමට ආණ්ඩුවේ සමහරුන් අද පත්වෙලා ඉන්නවා. ඒකෙන්ම පේනවා, සිස්ටම් චේන්ජ් එක නම් හොඳටම වෙලා තියෙනවා"