ඖෂධ මිල නියාමන ගැසට්ටුවට අනුමැතිය ලැබේ

Report

ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ අංක 2446/34 දරන හා 2025.07.21 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති නියෝග සඳහා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය හිමිවුණා.

ගැසට් පත්‍රයේ සඳහන් මෙම නියෝග ලබන 21 වැනිදා පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා විවාදයට ගැනීමට නියමිතය.

AI නිසා වෙන්න යන නරකම දේ - ලෝකෙටම අසුබ ආරංචියක්

AI නිසා වෙන්න යන නරකම දේ - ලෝකෙටම අසුබ ආරංචියක්

ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ සභාපතීත්වයෙන් එම කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේ රැස්වූ අවස්ථාවේ මේ පිළිබඳ සළකා බැලීමෙන් අනතුරුව අදාළ අනුමතිය ලබාදීම සිදුවුණා.

මෙම අවස්ථාවට සහභාගී වූ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති, විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පෙන්වා දුන්නේ 2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත අනුව ඖෂධ සඳහා වන මිල නියාමනය කිරීමේ බලය එම අධිකාරිය සතු බවයි.

බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මරණ දඬුවම් දෙන්නයි ඉල්ලීමක්

බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මරණ දඬුවම් දෙන්නයි ඉල්ලීමක්

මෙම නියාමන කටයුතු 2017 වසරේ සිට සිදුකළ නමුත් 2023 වසරේ ඖෂධ ගෙන්වීමේ සමාගම් එකතුවකින් පවරන ලද නඩුවකට අධිකරණය ලබා දුන් අතුරු තහනම් නියෝගයක් හේතුවෙන් 2023 දෙසැම්බර් 22 සිට මිල නියාමන කටයුතු නැවැත්වීමට සිදු වු බව ඔහු පැවසුවා.

මෙම නියාමන ක්‍රමවේදය ප්‍රකාශයට පත් නොකිරීම මෙම විරෝධයට හේතුවූ බවත් ඒ අනුව 2024 අගෝස්තු මස මෙම නියාමන ක්‍රමවේදය පළ කරමින් නව ගැසට් පත්‍රයක් නිකුත් කළ නමුත් එය ද අභියෝගයට ලක් වූ බවත් වෛද්‍ය විජේවික්‍රම සඳහන් කළා.

පෑලියගොඩ මාළු මේසයක් නිසා විශ්‍රාමික පොලිස් නිලධාරියාට වැඩ වරදී

පෑලියගොඩ මාළු මේසයක් නිසා විශ්‍රාමික පොලිස් නිලධාරියාට වැඩ වරදී

ඒ අනුව නැවත 2025 ජූලි 21 වැනිදා අංක 2446/34 ගැසට් පත්‍රය පළ කරන බවත් ඔහු පැවසුවා.