මේ අංශවලට දක්ෂ තරුණයන්ට අතහිත දෙන්න රජයෙන් අලුත් වැඩක්

Report

තරුණ ව්‍යවසායකයින් හඳුනාගෙන ප්‍රවර්ධනය කිරීමට විශේෂ කමිටුවක් තරුණයින් අතර දක්ෂ හා නවෝත්පාදන ව්‍යවසායකයින් හඳුනාගෙන ප්‍රවර්ධනය කිරීම සඳහා විශේෂ සැලැස්මක් සකස් කිරීමේ අරමුණින් විශේෂ කමිටුවක් පත්කර ඇත.

මෙම කමිටුව පත්කරනු ලැබ ඇත්තේ තරුණ ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා වන අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් පත්කළ අනු කාරක සභාවකි.

මෙරට වැඩකට නැති රාජ්‍ය අංශ 5,000ක ගැන ආණ්ඩුව දැන් කියන කතාව

මෙරට වැඩකට නැති රාජ්‍ය අංශ 5,000ක ගැන ආණ්ඩුව දැන් කියන කතාව

ඒ, එම අනු කාරක සභාව සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 09 වන පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා ද මෙම රැස්වීමට සහභාගී විය. මෙම කමිටුවේ සංයෝජනයට ජාතික තරුණ සේවා සභාව, කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය, අපනයන සංවර්ධන මණ්ඩලය, රජයේ බැංකු සහ මුදල් අමාත්‍යාංශයේ නියෝජිතයින් ඇතුළත් වේ.

දිවයින පුරා තරුණ ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙම කමිටුව වැඩසටහනක් සකස් කිරීමට තීරණය කර ඇති බවත්, විශිෂ්ට ව්‍යවසායකයින් තෝරාගෙන ඔවුන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට කටයුතු කරන බවත් අනු කාරක සභාවේ සභාපති සුනිල් රාජපක්ෂ මහතා පැවැසීය.

රට පැන්න දරුණු අපරාධකරුවන් 25ක් අල්ලන්න ගහන්න යන ප්ලෑන් එක මෙන්න

රට පැන්න දරුණු අපරාධකරුවන් 25ක් අල්ලන්න ගහන්න යන ප්ලෑන් එක මෙන්න