ලංකාවම කඳුළින් තෙත් වී ගිය, 06 දෙනාගෙන් බේරුණු ධීවරයා ගැන මහ රෑම ලැබුණ ආරංචිය මෙන්න..

Report

අද (30) රාත්‍රියේ දී, ඩෙවොන් 5 බහුදින ධීවර යාත්‍රාවේ සිට දිවි බේරාගත් ධීවරයා, නාවික හමුදාවේ ''විජයබාහු නෞකාව'' වෙත නංවාගෙන තිබෙනවා.

ලංකාවම කඳුළින් තෙත් වී ගිය, 06 දෙනාගෙන් බේරුණු ධීවරයා ගැන මහ රෑම ලැබුණ ආරංචිය මෙන්න.. | Fisherman Rescued From Devon 5 Multi Day Trawler

එම නෞකාව මේ වනවිට ගොඩබිමට යාත්‍රා කරමින් පවතින බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

එම බහුදින ධීවර යාත්‍රාවේ සිට ධීවරයින් හය දෙනාගෙන් පස්දෙනෙකුම මේ වන විට මියගොස් ඇත.

ඒ බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව තහවුරු කර තිබෙනවා.

මෙලෙස මියගොස් තිබුණේ යාත්‍රාවේ ස්කිපර්වරයා වන 42 හැවිරිදි නයන කාන්ත , 24 හැවිරිදි පැතුම් දිල්ශාන්, 32 හැවිරිදි සුජිත් සංජීව , 33 හැවිරිදි ප්‍රදීප් නිශාන්ත සහ 68 හැවිරිදි අජිත් කුමාර යන ධීවරයින් 5 දෙනා වේ.

තංගල්ල ධීවර වරායෙන් ඩෙවොන් 5 නැමැති බහුදින ධීවර යාත්‍රාව ඉකුත් 6 වනදා ජාත්‍යන්තර මුහුදු සීමාවට ධීවර කටයුතු සඳහා යාත්‍රා කොට ඇත්තේ ධීවරයන් 6 දෙනෙකු ද සමගින් ය.

වස පානය කළ මෙරට ධීවරයින්ගෙන් මිය ගිය සංඛ්‍යාව තවත් ඉහළට.. (UPDATE)

වස පානය කළ මෙරට ධීවරයින්ගෙන් මිය ගිය සංඛ්‍යාව තවත් ඉහළට.. (UPDATE)


ධීවර කටයුතුවල නිරත වෙමින් සිටි අතර වාරයේ මුහුදේ පාවෙමින් තිබූ යම් බෝතලයක තිබූ දියරයක් මත්පැන් වර්ගයක් යැයි සිතා මෙම ධීවරයින් පානය කර තිබෙනවා.

ඒ අනුව ඔවුන් සියලු දෙනා අසාධ්‍ය තත්ත්වයට පත් විය.