ඉන්ධන මිල අඩුවීමත් සමඟ මාළු මිලත් අඩු කරයි...
By Aruna
ඉන්ධන මිල අඩුවීමේ වාසිය ධීවර කාර්මිකයන්ටත් ලැබී තිබෙන හෙයින් මාළු මිල සියයට විසිපහකින් පමණ අඩුවෙනු ඇතැයි පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංගමයේ ලේකම් ජයන්ත කුරේ මහතා ප්‍රකාශ කරනවා.
ඈත මුහුදේ දී ට්‍රෝලර් යාත්‍රා මගින් මසුන් ඇල්ලීමට යන ධීවරයන්ට මෙන්ම බෝට්ටුවලින් මසුන් ඇල්ලීමට යන ධීවරයන්ට සිය යාත්‍රා සඳහා ඉන්ධන වෙනුවෙන් වැයවෙන මුදල් ප්‍රමාණය අඩුවීම නිසා මාළු මිල අඩුවෙන බවද හෙතෙම පැවසීය.
මේ හැර විවිධ පළාත්වලට ලොරි ඇතුළු වාහනවලින් මාළු ප්‍රවාහනය කරද්දී පවා ඉන්ධන මිල අඩු කිරීමේ වාසිය ජනතාවට දිය හැකි බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |