එළැඹෙන සති අන්තයේ සහ සඳුදා දින රට තුළ ඉන්ධන හිඟයක් - දිවයිනටම අනතුරු ඇඟවීමක්

Report

ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම ලබන 17 වන සෙනසුරාදා ඛනිජ තෙල් බෙදාහැරීම සිදුනොකිරීමට තීරණය කර ඇති බැවින් එළැඹෙන සති අන්තයේ සහ සඳුදා දිනයේදී ඉන්ධන හිඟයක් ඇති විය හැකි බවට ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය අනතුරු අඟවා ඇත.

ඒ අනුව එම සංගමය පෙන්වා දෙන්නේ එළඹෙන 17 වැනි සෙනසුරාදා ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම වසා තබන බවයි.

එබැවින් සති අන්තය සඳහා ප්‍රමාණවත් ඉන්ධන තොග ඇණවුම් 16 වැනිදා වන විටම ඉදිරිපත් කරන මෙන් ඛනිජ තෙල් ප්‍රාදේශීය කළමනාකරුවන් දන්වා ඇති බව සඳහන්.

පාසල් සිසුන්ට ආයෙත් රු.10000ක දීමනාවක් - කලින් දීමනා ගත්ත අයටත් දෙනවලු

පාසල් සිසුන්ට ආයෙත් රු.10000ක දීමනාවක් - කලින් දීමනා ගත්ත අයටත් දෙනවලු

එමෙන්ම මේ බව සඳහන් කරමින් සියලුම ඛනිජ තෙල් බෙදුම්කරුවන්ට පණිවුඩ එවා ඇති බවත් අත්පිට මුදලට හෝ චෙක් පහසුකම් මත ගෙවීම් කටයුතු සිදුකළ නොහැකි බවත් එහි සඳහන්ව ඇති බවත් බෙදුම්කරුවන් ප්‍රකාශ කරයි.

තවද බෙදුම්කරුවන්ගේ සංගමය පවසන්නේ සෙනසුරාදා දිනයේ මෙම ආයතනය වසා තබන්නේ සේවකයන්ට ගෙවනු ලබන අතිකාල දීමනා නතර කිරීමේ අරමුණින් බවයි.

ඔවුන් පෙන්වා දෙන්නේ දින කිහිපයකට ඉන්ධන ලබාගැනීම වෙනුවෙන් විශාල මුදලක් වැය කිරීමට කිසිදු බෙදුම්කරුවකුට හැකියාවක් නොමැති හෙයින් සති අන්තය සඳහා ඉන්ධන ඇණවුම් කිරීමක් පෙර සිට සිදු කළ නොහැකි බවයි.

ඉස්සරහට මේ හාල් අරගෙනත් ඉවරයි - මිල ඉහළට

ඉස්සරහට මේ හාල් අරගෙනත් ඉවරයි - මිල ඉහළට

එනිසා එම සංගමය සඳහන් කරන්නේ ඉදිරි සති අන්තයේ දෑඩි ඉන්ධන අර්බුදයක් ඇතිවනු ඇති බවයි.

එසේම ඛනිජ තෙල් සංස්ථාව ඔවුන්ගේ අලෙවිකරුවන් වෙත ගෙවන ලබන වට්ටම් මුදලද සොච්චමක් කර ඇති මේ අවස්ථාවේ මුදල් ගෙවා දින තුනකට අවශ්‍ය ඉන්ධන මිලයට ගැනීමට බොහෝ පිරවුම්හල් හිමියන්ට හැකියාවක් නොමැති බවත් පවසයි.

මේනිසා අපහසුතාවයට පත්වෙන්නේ ජනතාව බවත් එහි වගකීම ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ගත යුතු බව මෙම සංගමය වැඩිදුරටත් අවධාරණය කර ඇත.

අස්වැසුම නැතත් රට පුරා ඉන්න මේ පාසල් දරුවන්ටත් රජයෙන් දීමනාවක්

අස්වැසුම නැතත් රට පුරා ඉන්න මේ පාසල් දරුවන්ටත් රජයෙන් දීමනාවක්

වසර දෙකකට පසු නරකම ආරංචියක් - මහ බැංකුවෙන් නිවේදනයක්

වසර දෙකකට පසු නරකම ආරංචියක් - මහ බැංකුවෙන් නිවේදනයක්

අන්සතු වස්තු ලාභයකට ඉඩකඩ ඇති අද දවසේ මේ ලග්නවල අය ප්‍රවේශම් වන්න - දවසේ ලග්න පලාපල

අන්සතු වස්තු ලාභයකට ඉඩකඩ ඇති අද දවසේ මේ ලග්නවල අය ප්‍රවේශම් වන්න - දවසේ ලග්න පලාපල