පාසල් දරුවන්ගේ නිල ඇඳුම් සම්බන්ධයෙන් දැනුම්දීමක්

Report

අධ්‍යාපනයට මූලිකත්වය ලබා දෙමින් දරුවන්ට සමානාත්මතාවයෙන් යුත් අධ්‍යාපනයක් ලබා දීමට කැපවන රාජ්‍යයන් ලෙස චීනය සහ ශ්‍රී ලංකාව හඳුනාගත හැකි බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.

ඇය මෙම අදහස් ප්‍රකාශ කළේ අද (13) චීන රජය විසින් පාසල් නිල ඇඳුම් සඳහා රෙදි නොමිලේ පරිත්‍යාග කිරීමේ වැඩසටහනට සහභාගී වෙමින් ය.

මෙරට තුළ ගුණාත්මක සහ සමාන අවස්ථා සහිත අධ්‍යාපන පද්ධතියක් පවත්වාගෙන යාම සඳහා චීන රජයෙන් ලැබෙන සහයෝගය විශාල ශක්තියක් වන බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී අවධාරණය කළාය.

බත්තරමුල්ලේ දී වාහනවලට පහර දෙමින් හානි කළ තරුණයා රිමාන්ඩ්

බත්තරමුල්ලේ දී වාහනවලට පහර දෙමින් හානි කළ තරුණයා රිමාන්ඩ්

එම සහයෝගය හරහා රටේ සියලුම දරුවන්ට ආර්ථික පසුබැසීම් නොසලකා සමානාත්මතාවයෙන් යුතුව අධ්‍යාපනය ලබන අවස්ථාව උදාවන බවද ඇය පැවසුවාය.

වසර කිහිපයක් පුරා අඛණ්ඩව පාසල් නිල ඇඳුම් සඳහා රෙදි ලබා දීමට චීන රජය දී ඇති පොරොන්දුව ඉටු වීම, ශ්‍රී ලංකාව හා චීනය අතර පවතින අන්‍යෝන්‍ය ගරුත්වය සහ විශ්වාසය පැහැදිලිවම පෙන්නුම් කරන කරුණක් බව අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.

එසේම, ශ්‍රී ලංකාව මුහුණ දෙන සෑම අසීරු අවස්ථාවකදීම චීන රජය ධෛර්යය හා සහයෝගය ලබා දී ඇති බවත්, සමස්ත ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් මෙම පාසල් නිල ඇඳුම් රෙදි තොගය පරිත්‍යාග කිරීම සම්බන්ධයෙන් චීන රජයට ගෞරවය සහ ස්තූතිය පළ කරන බවත් ඇය ප්‍රකාශ කළාය.

අධ්‍යාපනය මූලික කරගත් මෙම සහයෝගීත්වය ඉදිරි කාලය තුළද ජාතීන් දෙක අතර පවතින මිත්‍රත්වය තවත් ශක්තිමත් කරනු ඇතැයිද අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් කියා සිටියාය.

මෙම වැඩසටහන යටතේ මහජන චීන සමූහාණ්ඩුව විසින් පූර්ණ ප්‍රදානයක් ලෙස රෙදි මීටර් මිලියන 11.484ක් මෙරටට ලබා දී ඇති අතර, එම නිල ඇඳුම් රෙදි නැව් වාර පහකින් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතය.

මේ වනවිට නැව් වාර තුනක් කොළඹ වරායට ළඟා වී ඇති අතර, එම පාසල් නිල ඇඳුම් රෙදි තොගය නිල වශයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියට ප්‍රදානය කිරීම මෙරට මහජන චීන සමූහාණ්ඩුවේ චීන තානාපති චී ජෙන්හොං (HE Qi Zhenhong)මහතා විසින් සිදුකර ඇත.

මෙවර පාසල් නිල ඇඳුම් රෙදි ලබා ගැනීම සඳහා සිසුන් 4,418,404කට ආසන්න සංඛ්‍යාවක් හිමිකම් ලබන අතර, එළැඹෙන 19 වනදා සිට කොට්ඨාස අධ්‍යාපන කාර්යාල වෙත මෙම රෙදි තොග බෙදා හැරීමට කටයුතු සැලසුම් කර ඇත.

2026 වර්ෂයට අදාළව, රජයේ හා රජයේ ආධාර ලබන පාසල්වල සිසු දරු දැරියන්ට මෙන්ම දිවයින පුරා පිහිටි රජයේ අනුමත පිරිවෙන්වල ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා සහ ගිහි සිසුන්ටද නොමිලේ පාසල් නිල ඇඳුම් ලබා දීම ජනවාරි මාසයේදී ආරම්භ කිරීමට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර ඇත.

ඇමති ලාල් වනචාරීයා කීවට මිහින්තලේ හිමි සී.අයි.ඩීයට

ඇමති ලාල් වනචාරීයා කීවට මිහින්තලේ හිමි සී.අයි.ඩීයට

මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ චීන සමූහාණ්ඩුවේ චීන තානාපති චී ජෙන්හොං මහතා සඳහන් කළේ, විවිධ අභියෝග සහ බාධක මධ්‍යයේ වුවද චීනය හා ශ්‍රී ලංකාව අතර දිගුකාලීනව නොසැලෙන මිත්‍රත්වයක් පවතින බවත්, ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය තවදුරටත් සංවර්ධනය කිරීම සඳහා ඉදිරියේදීත් හැකි සියලු සහයෝගය ලබා දෙන බවත් ය.