ලාල්කාන්ත ආගමික ද්වේෂය පතුරවනවා - නාමල් රාජපක්ෂ
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග කැබිනට් අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා, 2007 අංක 56 දරන සීවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යාන්තර සම්මුති (ICCPR) පනත උල්ලංඝනය කරමින්, බෞද්ධ ආගම සහ මහා සංඝ රත්නයට අපහාස කළ බව නාමල් රාජපක්ෂ පවසයි.
මිහින්තලය රජමහා විහාරාධිපති, පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන ස්වාමීන්වහන්සේ වැනි බෞද්ධ ආගමික නායකයෙකුට අදාළව “වනචාරියා” ලෙස හඳුන්වා අපහාස කරන ලද බවත්, මෙවැනි අපහාස තමා තරයේ හෙළාදකින බවත් නාමල් රාජපක්ෂ සඳහන් කළේය.
ICCPR පනතේ සඳහන් කර ඇති පරිදි “කිසිම තැනැත්තකු විසින් යුද්ධය පැතිරවීම හෝ වෙනස් ලෙස සැලකීමට, එදිරිවාදිකම්වලට හෝ ප්‍රචණ්ඩ ක්‍රියාවලට යොමු කිරීම, ජාතික, වාර්ගික හෝ ආගමික වෛරය සඳහා පෙළඹවීම්” කළ නොහැකි බව පෙනේ.
නාමල් රාජපක්ෂ පැවසුවේ, ලාල්කාන්තගේ ප‍්‍රකාශ ආගමික ද්වේෂය පැතිරවීමට පටලැවි ඇති බවයි.
තමා ආණ්ඩුවෙන් නියමිත නෛතික ක්‍රියාමාර්ග ගැන විමසන බවත්, සමාන්‍ය පුරවැසියකු හෝ විපක්ෂයෙකු මෙවැනි නීතිය උල්ලංඝනය කළේ නම් දැන් වනවිටත් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක වන බවත්, නමුත් ලාල්කාන්තට එවැනි ක්‍රියාමාර්ග ගැන නොකර, ආගමික ද්වේෂය පැතිරවීම සහ මහා සංඝරත්නයට අපහාස කිරීම පිළිබඳව ආණ්ඩුව නිහඬ බවත් නාමල් රාජපක්ෂ වැඩිදුරටත් කියා සිටී.