බලපිටියේ දැවැන්ත විරෝධයක්
By Mithu
විදුලි බිල වැඩි කිරීමට විරෝධය පළ කරමින් පන්දම් උද්ඝෝෂණයක් අද (13) රාත්‍රියේ බලපිටිය බස් පොළ ඉදිරිපිටදී පැවැත්විණි.
මෙම උද්ඝෝෂණය සමගි ජන බලවේගය පක්ෂයේ බලපිටිය ආසන සංවිධායක නීතිඥ කමල් ජයන්ත මහතා ඇතුළු පිරිසක් විසින් සංවිධානය කර තිබිණි.
ඉදිරියේදී රජය අනිවාර්යයෙන්ම විදුලි බිල වැඩි කිරීමට කටයුතු කරන බවට සැක පළ කළ උද්ඝෝෂකයෝ, එවැනි තීරණයකට එරෙහිව ජනතා විරෝධය පළ කිරීමේ අරමුණින් මෙම උද්ඝෝෂණය සංවිධානය කළ බව සඳහන් කළහ.
මෙම අවස්ථාවට බලපිටිය ප්‍රාදේශීය සභාව නියෝජනය කරන සමගි ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු මෙන්ම, එම පක්ෂයට අනුබද්ධ බලපිටිය ප්‍රදේශයේ ජනතාවද විශාල පිරිසක් සහභාගී වී සිටියහ.