හිටපු පෙම්වතාගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යයෙන් රටටම මුදා හැරලා - පරිගණක ඉංජිනේරුවරිය අත්අඩංගුවට

Report

තම පැරැණි පෙම්වතාගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍ය වෙත මුදාහැරි බව කියන පරිගණක ඉංජිනේරුවරියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් පෙරේදා (13) දින අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ යාපනය කන්දර්මඩම් හි පදිංචි 25 හැවිරිදි තරුණ පරිගණක ඉංජිනේරුවරියක් බව පොලිසිය ප්‍රකාශ කරයි.

යාපනය ප්‍රදේශයේ තරුණයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණිල්ලක් සිදුකර ඇත්තේ තම නිරුවත් ඡායාරූප වට්ස්ඇප් සමූහයක් ඔස්සේ බෙදාහැර ඇති බවත් එය තම පෙර පෙම්වතිය විසින් සිදුකර ඇති බවත් ය.

බ්‍රිතාන්‍යයේ මහපාරේ ලංකාවේ කෙල්ලගේ මළසිරුර - තරුණයකු වරද පිළිගනී

බ්‍රිතාන්‍යයේ මහපාරේ ලංකාවේ කෙල්ලගේ මළසිරුර - තරුණයකු වරද පිළිගනී

ඒ අනුව එම කොට්ඨාසයේ උතුරු පළාත් ඒකකය මඟින් පරීක්ෂණ ආරම්භ කර තිබෙන අතර මෙම නිරුවත් ඡායාරූප වට්ස්ඇප් සමූහයකට මුදාහැර ඇත්තේ පැමිණිලිකරුගේ පෙර පෙම්වතිය බවට එහිදී හෙළි වී තිබෙනවා. එබැවින් අඳාළ සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.

ඇය මීට වසර පහළොවකට පමණ පෙර සිට පැමිණිලිකරු හා පෙම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති බවත් පෙම්වතා මැයගෙන් වෙන් වීම නිසා ඇය දැඩි සිත්තැවුලකට හා වේදනාවකට ලක්ව සිට ඇති බවත් එබැවින් පළිගැනීමක් වශයෙන් මෙම ඡායාරූප ප්‍රසිද්ධ කර තිබෙන බවත් හෙළි වී තිබෙනවා.

එළැඹෙන සති අන්තයේ සහ සඳුදා දින රට තුළ ඉන්ධන හිඟයක් - දිවයිනටම අනතුරු ඇඟවීමක්

එළැඹෙන සති අන්තයේ සහ සඳුදා දින රට තුළ ඉන්ධන හිඟයක් - දිවයිනටම අනතුරු ඇඟවීමක්

කෙසේ වෙතත් සැකකාරිය යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත මුදාහැර ඇත.

මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.කේ. කරුණාරත්නගේ උපදෙස් මත උතුරු පළාත් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මධුකුමාර ඇතුළු නිලධාරීන් සිදු කරයි. 

හෙට සිට රටට වෙන දේ ගැන නිවේදනයක්

හෙට සිට රටට වෙන දේ ගැන නිවේදනයක්

දෙවියනේ මීගමුව හෝටලයක 9 වන මහලෙන් වැටී ස්වීඩන් කතක් මරුට

දෙවියනේ මීගමුව හෝටලයක 9 වන මහලෙන් වැටී ස්වීඩන් කතක් මරුට