කොළඹ අයවැයට පක්ෂව ඡන්දය දුන් මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීනියට අධිකරණයෙන් සහනයක්

Report

කොළඹ මහ නගර සභා අයවැය ඡන්ද විමසීමේදී ජාතික ජන බලවේගයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ බව චෝදනා කරමින්, කොළඹ නාගරික මන්ත්‍රීනී සොහාරා බුහාරී මහත්මියගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නිකුත් කළ ලිපිය ක්‍රියාත්මක වීම වළක්වාලීමට කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

අදාළ මන්ත්‍රීවරිය විසින් ඉදිරිපත් කළ පැමිණිල්ල විභාග කිරීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය නිකුත් කෙරිණි.

වාරණ නියෝගය දින 14ක් බලපැවැත්වෙන අතර, මෙම පැමිණිල්ල සම්බන්ධ කරුණු ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රව්ෆ් හකිම් සහ මහ ලේකම් නිසාම් කාර්යාප්පර් නියම කර සිටියද, ඒ සඳහා නොතිසි ලෙස නියෝග කර ඇත.

විපක්ෂයේ විශ්වාසභංග යෝජනාව ජනවාරි 22 සහ 23 විවාදයට ගන්න රජය සූදානම්

විපක්ෂයේ විශ්වාසභංග යෝජනාව ජනවාරි 22 සහ 23 විවාදයට ගන්න රජය සූදානම්

ඉකුත් දෙසැම්බර් 31 වනදා පැවති කොළඹ මහ නගර සභාවේ අයවැය ඡන්ද විමසීමේදී, පැමිණිලිකාරිය තමන් ජාතික ජන බලවේගයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ බව ප්‍රකාශ කළේය.

එදිනදී පක්ෂ සමාජිකත්වය අත්හිටුවීමට කටයුතු කෙරුණු අතර, ඊට පසු දින හතක් තුළ දිවුරුම් පෙත්සමක් මාර්ගයෙන් නිදහසට කරුණු ඉදිරිපත් කරන ලෙස පක්ෂය විසින් නියම කළ බව ඇය සඳහන් කළාය.

පැමිණිලිකාරියට ලැබුණු ලිපිය ජනවාරි 02 වනදා බවත්, පසුගිය 09 වනදා තමන් පක්ෂ මූලස්ථානයට ගොස් විරෝධතා භාරදීමට ගිය අවස්ථාවේ, ද්වේශ සහගත ලෙස එය භාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇති බවත්, ඉන් පසුව සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කරමින් ලිපිය නිකුත් කරන ලද්දේය.

අස්වැසුම ගැන සුභ ආරංචියක් - නිර්ණායක වෙනස් වෙයි

අස්වැසුම ගැන සුභ ආරංචියක් - නිර්ණායක වෙනස් වෙයි

ඇයගේ පැමිණිල්ලේ සඳහන් පරිදි, සාධාරණ විමර්ශනයක් සිදුකළ නොමැතිව පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ තීරණය නීතියට පටහැනි බවත්, එබැවින් එම තීරණය බල රහිත බවට වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස ඇය අධිකරණයෙන් ඉල්ලීම් කර තිබේ.