දෙවියනේ මීගමුව හෝටලයක 9 වන මහලෙන් වැටී ස්වීඩන් කතක් මරුට
මීගමුව ප්‍රදේශයේ පිහිටි හෝටලයක, මහලේ හතරවන කාමරයේ තාවකාලිකව රැඳී සිටි ස්විඩන් ජාතික කාන්තාවක් ඇද වැටීමෙන් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වී ඇති බව පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 26ක කාන්තාවකි. වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, ඇය විවාහක බවත්, ස්වාමිපුරුෂයා ව්‍යාපාරිකයෙකු බවත්ය.
එම ස්වාමිපුරුෂයා ව්‍යාපාරික කටයුත්තක් සඳහා කුරුණෑගල ප්‍රදේශයට ගොස් සිටි අතර, කාන්තාව ඒ අවස්ථාවේ තම ජංගම දුරකථනයෙන් පැයක පමණ කාලයක් කා සමඟ හෝ සංවාදයක නිරත වෙමින් සිටින විට වැටී ඇති බව වාර්තා වේ.
ඇගේ ජංගම දුරකථනය පොලිස් භාරයට ගෙන තිබෙන අතර, සිද්ධිය වූ ස්ථානයට මීගමුව නාගරික හදිසි මරණ පරීක්ෂකවරයා ගොස් පරීක්ෂා සිදු කර ඇත.
දේහය ඉදිරි විමර්ශන කටයුතු සඳහා මීගමුව රෝහලේ මෘත ශරීරාගාරයට තැන්පත් කරන ලෙස පොලීසියට නියෝග දෙන අතර, පොලීසිය පැවසුවේ දේහයට බරපතළ තුවාල සිදුව ඇති බවයි.