අමරකීර්ති ඝාතනයේ නඩු තීන්දුව හෙට
By Mithu
පාර්ලිමෙන්තු මන්ත්‍රී අමරකීර්තී අතුකෝරල මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාට පහරදී ඝාතනය කළ බවට චෝදනාකරමින් පුද්ගලයන් 41 දෙනාට එරෙහිව පවරා ඇති නඩුවේ තීන්දුව හෙට (14) ගම්පහ මහාධිකරණයේදී ප්‍රකාශයට පත් කෙරේ.
මෙම නඩුව ගම්පහ ත්‍රිපුද්ගල මහාධිකරණ (trial at bar) විනිසුරු මඩුල්ල හමුවේ දීර්ඝ කාලයක් පුරා විභාග විය.
ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරුවරුන් ලෙස සහන් මාපා බණ්ඩාර, රශ්මි සිංගප්පුලි සහ රසන්ත ගොඩවෙල මහත්වරුන් පත් කර තිබේ.
ඉන් අනුව, 2022 මැයි 09 වැනිදා ගාලුමුවදොර පිටියේ පැවති සාමකාමී අරගලය හෝ එයට ආසන්න දිනයක නිට්ටඹුව නගරය පිහිටි ස්ථානයකදී, පුද්ගලයන් 41 දෙනා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්තී අතුකෝරල සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ජයන්ත ගුණවර්ධනට පහරදී ඝාතනය කිරීමේ සිද්ධිය සිදු කළ බවට චෝදනා ඉදිරිපත් කර ඇත.