හදිසි පිපිරුමක් - තරුණයෙක් ජීවිතක්ෂයට
By Kaushi
කටාන පොලිස් වසමේ කිඹුලාපිටිය ප්‍රදේශයේ ගිනිකෙළි නිෂ්පාදන ආයතනයක ඇතිවූ හදිසි පිපිරීමකින් තරුණයෙකු මිය ගොස් ඇත.
ඒ අනුව ඊයේ (09) සවස් කාලයේ ඇතිවූ මෙම පිපිරීමෙන් බරපතළ තුවාල ලැබූ අඳාළ තරුණයා මීගමුව රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවට කටාන පොලීසියට ලද පණිවුඩයක් මත විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
එසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 20ක තරුණයෙක් බව සඳහන්.
එසේම මියගිය තරුණයා අදාළ ගිනිකෙළි නිෂ්පාදන ආයතනයේ සේවකයෙකු වශයෙන් කටයුතු කර ඇති අතර එහි එළිමහන් මඩුවක් තුළදී මෙම පිපිරීම සිදුවී ඇති බවට මෙතෙක් සිදුකල විමර්ශනවලදී හෙළිව ඇත.
මේ අතර මෘත ශරීරය මීගමුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කටාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන බව පවසයි.