ප්‍රධාන මාර්ගයේ කාර්යාල දුම්රිය හෙට සිට ධාවනය වෙන්නේ මෙහෙමයි
දුම්රිය දෙපාර්තමේන්තුව පවසන,පරිදි හෙට (10) සිට ප්‍රධාන මාර්ගයේ කාර්යාල දුම්රිය කිහිපයක් සාමාන්‍ය පරිදි ධාවනය කිරීමට සැලසුම්කර ඇති බවයි.
පසුගියදා ඇතිවූ අයහපත් කාලගුණය නිසා අඹේපුස්ස – අලව්ව අතර බුජ්ජොමුව දුම්රිය ස්ථානය ආසන්නයේ වර්ෂා ජලයෙන් මා ඔය බෝක්කුව වෙත ගලා තල්ලු වී බෝක්කුව කැඩී යාම සිදුවිය.
මෙය හේතුවෙන් දුම්රිය මාර්ගය යටින් අඩි 45ක පමණ කුහරයක් ඇතිවීමත්, ප්‍රධාන, උතුරු සහ නැගෙනහිර මාර්ගවල දුම්රිය ධාවනය බාධා වීමත් වාර්තා විය. මේ නිසා දුම්රිය ධාවන සේවය කොළඹ කොටුව සිට අඹේපුස්ස දක්වා පමණක් සීමා කරන ලදී.
නමුත්, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සහ ස්වේච්ඡා කණ්ඩායම්වල දායකත්වයෙන් බෝක්කුව අලුත්වැඩියා කරමින් අද (09) දින දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත්කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.