ගිනි ගත් නැවේ විශ්මිත මෙහෙයුම අවසන් වූ හැටි.(VIDEO)
දින ගණනාවක් තිස්සේ කොළඹ වරායට නුදුරින් වූ මුහුදේ ගිනි ගනිමින් පැවති නෞකාවේ ගින්න මැඩපැවැත්වීම සඳහා ගුවන් හමුදාව සහ නාවික හමුදාව ඇතුළු පාර්ශව ගණනාවක් දැඩි වෙහෙසක් ගනු ලැබුවා.
මෙලෙස නාවික හමුදාව සහ ගුවන් හමුදාව විසින් සිදුකළ විශ්මිත මෙහෙයුම පහත වීඩියෝවෙන් නරඹන්න.
මේ අතර ගිනි ගැනීමට ලක්ව ඇති එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කන්ටේනර් කොටස්, දැවී තෙල්,අබලි ද්‍රව්‍ය, ප්ලාස්ටික් සහ චොක්ලට් ආදී කෙටි කෑම වර්ග මීගමුව වෙරළ තීරයේ, ජාඇළ, කැපුම්ගොඩ, සෙත්තප්පාඩුව, දුන්ගල්පිටිය අදී ප්‍රදේශවල වෙරළ තීරයන්ට ගොඩ ගසා තිබේ.
එහි සිටින 'අප වාර්තා වාර්තාකරු සඳහන් කළේ ගොඩගසා ඇති බහාලුමකින් වෙරළ පුරා විසිරී තිබෙන චොක්ලට් ආදී කෙටි කෑම වර්ග ඇතැම් පිරිස් රැගෙන යන තත්ත්වයක් දැකගත හැකි බවයි.
ඒ අතර දහනයට ලක්වූ කන්ටේනර් කොටස් සහ තවත් විවිධ උපකරණ කොටස් රාශියක් දැකගන්නට ඇති බවද අප වාර්තාකරු පැවසීය.
මේ අතර කොළඹ වරාය ආසන්න මුහුදේ ගිනි ගනිමින් ඇති නෞකාවේ කාර්‍ය මණ්ඩල සාමාජිකයෙකු කොවිඩ් ආසාදිත බව තහවුරු වී ඇත.
ඔහු ඉන්දීය ජාතිකයෙකි.
ඊයේ මෙම නෞකාවේ ගින්න දෙවන වතාවට උත්සන්න වූ අවස්ථාවේ එහි කාර්‍යමණ්ඩලය 25 ක් මුදා ගනු ලැබිණි.
එහිදී දෙදෙනෙකු තුවාල ලැබූ අතර ඔවුන් දෙදෙනා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමට පියවර ගන්නා ලදී අදාල නාවිකයා කොවිඩ් ආසාදිත බව හෙලිවී ඇත්තේ ඒ අවස්ථාවේදී යි.
සෙසු පිරිස සම්බන්ධයෙන් ද සමීපව නිරීක්ෂණ කටයුතු කෙරෙන අතර ඔවුන් කොවිඩ් ආසාදිත දැයි සෙවීමට පියවර ගනිමින් ඇත
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |