ශ්‍රී පාද රක්ෂිතයේ දරුණු ගින්නක් ශාක හා සතුන් අවදානමේ - ගින්න වේගයෙන් පැතිරේ

Report

ශ්‍රීපාද කඳු මුදුන ඉදිරිපිට පිහිටි ශ්‍රීපාද රක්ෂිතයට අයත් කඳුයායක අද (19) දිනයේ හදිසි ගින්නක් හටගෙන තිබෙන බවට වාර්තා වේ.

ඒ අනුව ගින්න හටගැනීමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණවී නොමැති වුවද, ප්‍රදේශයට බලපා ඇති දැඩි වියළි කාලගුණය සහ පවතින තද සුළං තත්ත්වය හේතුවෙන් මෙම ගින්න ඉතා සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින බව වාර්තා වේ.

මෙම ප්‍රදේශය දුර්ලභ සත්ත්ව විශේෂ සහ ශාක පද්ධතීන්ගෙන් පිරිපුන් මෙම සංවේදී කලාපය ජෛව විවිධත්වයෙන් ඉතා ඉහළ ප්‍රදේශයකි.

විශ්‍රාම වැටුප් තාවකාලිකව නතර වේ - රජයෙන් දැඩි තීරණයක්

විශ්‍රාම වැටුප් තාවකාලිකව නතර වේ - රජයෙන් දැඩි තීරණයක්

එබැවින් මෙම ගින්න හේතුවෙන් මෙම වටිනා පරිසර පද්ධතියට සහ ජීවීන්ට දැඩි තර්ජනයක් එල්ලවී ඇති බව පරිසරවේදීහු පෙන්වා ප්‍රකාශ කරති.

මෙම ගින්න හටගෙන ඇත්තේ ඉතා දුෂ්කර කඳු මුදුනක බැවින්, එම ස්ථානයට ළඟාවී ගින්න නිවීමට මෙතෙක් කිසිදු කණ්ඩායමකට හැකියාවක් ලැබී නොමැති බව වැඩිදුරටත් පැවසීය.

දැන් ඉතින් අල්ලයි තාජු දෙයින්ගේ වලිගේ - මුජිබර් කට අරියි

දැන් ඉතින් අල්ලයි තාජු දෙයින්ගේ වලිගේ - මුජිබර් කට අරියි