මෙන්න වැඩක් - ඇගිලි සලකුණු නොතියා මිලියන ගාණක් අතිකාල අරන්
මහනුවර බහුවිධ ප්‍රවාහන පර්යන්ත සංවර්ධන ව්‍යාපෘතියේ සේවකයින්ට ඇඟිලි සලකුණු යන්ත්‍රයකින් පැමිණීම් හා පිටවීම් වේලාවන් තහවුරු නොකර අතිකාල දීමනා ලෙස 2024 වර්ෂයේදී රුපියල් මිලියන 3.2ක් ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.
රාජ්‍ය ආයතනවල සියලුම් සේවකයින්ගේ පැමිණීම් හා පිටවීම් වේලාවන් ඇඟිලි සලකුණු යන්ත්‍රයෙන් තහවුරු කළ යුතු බවත්, අතිකාල හා නිවාඩු දින වැටුප් වැනි දීමනා ගෙවීමට පදනම ලෙස එම වේලාවන් භාවිතා කරනවා නම් ඇඟිලි සලකුණු තහවුරු කිරීම අනිවාර්ය බවත් චක්‍රලේඛනවල සඳහන්ය. මෙම උපදෙස්වලට පටහැනිව අතිකාල ගෙවීම් සිදුකර ඇති බව විගණනයෙන් හෙළි වී ඇත.
ව්‍යාපෘති අධ්‍යක්ෂකවරයා වහාම නව ඇඟිලි සලකුණු යන්ත්‍රයක් සවිකළ යුතු බවත්, අතිකාල හා අනෙකුත් දීමනා අනුමත කිරීමට පෙර චක්‍රලේඛනට අනුකූලදැයි තහවුරු කළ යුතු බවත් විගණනය නිර්දේශ කරයි.
ව්‍යාපෘති කළමනාකාරිත්වය විගණනයට ප්‍රතිචාර දක්වමින් ඇඟිලි සලකුණු යන්ත්‍ර සවිකිරීමට කටයුතු කරන බවත්, අතිකාල හා නිවාඩු දින ගෙවීම් පැමිණීම් ලේඛන, බැහැරීම් ලේඛන හා ධාවන සටහන් පරීක්ෂා කිරීමෙන් පසු සිදුකරන බවත් දන්වා ඇත. මහනුවර බහුවිධ ප්‍රවාහන පර්යන්ත සංවර්ධන ව්‍යාපෘතියේ 2024 විගණන වාර්තාවේ මෙම කරුණු ඇතුළත් වේ.