පාසල් සිසුවෙකු අතේ තිබී හමු වූ දේ..?
මන්නාරම පොලිස් අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව, මන්නාරම - මූර් වීදියේදි සිදු කළ සෝදිසි කිරීමකදී කේරළ ගංජා තොගයක් ළඟ තබාගෙන සිටි 17 හැවිරිදි පාසල් සිසුවෙකු ඊයේ (02) මන්නාරම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකාර පාසල් සිසුවා සිය සන්තකයේ තබා ගත්, කේරළ ගංජා කිලෝග්‍රෑම් 04යි, ග්‍රෑම් 700ක් පොලිස් භාරයට ගැනුණා. මෙම සැකකාර පාසල් සිසුවා කුමන ක්‍රියාවකට නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටියේ දැයි මේ වන විට පොලීසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා.
මීට අමතරව මන්නාරම යුද හමුදා බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරක් මත මන්නාරම -තල්ලඩි ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 01, ග්‍රෑම් 665ක් ළඟ තබාගෙන සිටි, පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
46 හැවිරිදි සැකකරු මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
---------------------------------------------------
රට ගැන කලකිරුණ මිනිස්සු කියන කතාව-:
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |