ශ්‍රී ලංකාවෙන් මියන්මාරයට වටිනා පරිත්‍යාගයක්

By Mithu Apr 10, 2025 04:55 PM GMT
Report

 භූ කම්පනයක් හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියනයක මූල්‍යමය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.

ප්‍රශ්න කෝටියක් අස්සේ ඇහෙන සුබ ආරංචියක්

ප්‍රශ්න කෝටියක් අස්සේ ඇහෙන සුබ ආරංචියක්

ඊට අදාළ චෙක්පත ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපතිනි Marlar Than Htaik වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (10) පිරිනැමීය.

එක් දින ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ පැය 24රේ ක්‍රියාවලිය අත්හිටවයි?

එක් දින ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ පැය 24රේ ක්‍රියාවලිය අත්හිටවයි?

පවතින ආර්ථික අර්බුදය හමුවේ වුවද විපතට පත් මියන්මාර් ජාතිකයන් වෙනුවෙන් මූල්‍යමය ආධාර ලබාදීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුලු රජයට සිය කෘතඥතාව පිරිනමන බව ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපතිවරිය තවදුරටත් මෙහිදී සඳහන් කළාය.