දේපල බෙදා ගන්න පන්සලේ ගුටි කෙළියක් - දෙනමක් රෝහලේ..

Kalutara Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Jan 30, 2023 01:57 PM GMT
Sewvandhi

Sewvandhi

Report

කළුතර ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිවරුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් තුවාලලත් හිමිවරුන් දෙනමක් රෝහල්ගත කර තිබේ.

මෙම පහර දීම සම්බන්ධයෙන් එම විහාරස්ථානයෙන් නායක හිමි නමක් විසින් කළුතර-උතුර පොලිසියට පැමිණිල්ලක් කර ඇත. පහර කෑම බැඳීම හේතුවෙන් රෝහල් ගත කර ඇත්තේ එම විහාරස්ථානයේ වැඩ වසන වයස අවුරුදු දහ අටක් වූ හිමිවරුන් දෙනමකි.

එම විහාරස්ථානයේ විහාරාධිපති හිමිනම මීට මාස දෙකකට පමණ අපවත් වී ඇති අතර උන් වහන්සේට හිමි වී තිබූ දේපළ සම්බන්ධයෙන් හිමිවරුන් අතර ඉන්පසු ඇති වූ ආරවුල් තත්ත්වය මෙම ගැටුමට හේතු වී ඇතැයිද පොලිසිය කියා සිටී.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


ReeCha