2030 වසරේදී FIFA රටවල් 64කට ලෝක කුසලාන වරම්

FIFA World Cup
By Shehan Mar 08, 2025 04:44 AM GMT
Shehan

Shehan

Report

පාපන්දු ලෝක කුසලානයේ සියවස් සැමරුම වෙනුවෙන් 2030 වසරේ පැවැත්වෙන අදියරේදී රටවල් 64කට ලෝක කුසලාන වරම් හිමිකරදීමට ලෝක පාපන්දු සම්මේලනය (FIFA) තීරණය ඇත.

උරුගුවේ රාජ්‍යයේ සත්කාරකත්වය යටතේ පාපන්දු ලෝක කුසලානය පළමුවෙන්ම 1930 වසරේදී ආරම්භ වූ අතර, 2030 වසරේ දී ඊට වසර 100ක් සම්පූර්ණ වේ.

2030 වසරේ පාපන්දු ලෝක කුසලානය අප්‍රිකානු රටක්වන මොරොක්කෝව සහ යුරෝපීය රටවල් ද්විත්වයක් වන ස්පාඤ්ඤය හා පෘතුගාලයේ සමසත්කාරකත්වය යටතේ පැවැත්වීමට කටයුතු යොදා ඇත.

 පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ එලෙස මහාද්වීප දෙකකින් රටවල් තුනක් සත්කාරකත්වය දක්වන පළමු අවස්ථාවද එය වනු ඇත.

කෙසේ නමුත් 100වන සංවත්සරය සැමරීම සඳහා ආර්ජන්ටිනාව, පැරගුවේ සහ උරුගුවේද තරඟ 3ක් පැවැත්වීමට ලෝක පාපන්දු සම්මේලනය සැලසුම්කර ඇති අතර 2026 පාපන්දු ලෝක කුසලානයද අමෙරිකාව, මෙක්සිකෝව සහ කැනඩාව යන රටවල සමසත්කාරකත්වයෙන් පැවැත්වෙන අතර, එම තරඟාවලියේදීද ක්‍රීඩාකරන කණ්ඩායම් සංඛ්‍යාව 32 සිට 48 දක්වා ඉහළදමා ඇති බව වාර්තා වේ.

ReeCha