කෘෂිකර්මාන්තයේ නියැලෙන්නන්ට විශේෂ පණිවිඩයක් මෙන්න - එකවරම මිල අඩු කිරිමක් ගැන දැනුම්දීමක්.. අතටත් මුදල්..

Report

මෙවර මහ කන්නයේ දී බණ්ඩි පොහොර හෙවත් MOP රුපියල් 9,000 දක්වා අඩු කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා.

ඒ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේ ය.

සහල් මිලට කුමක් වෙයි ද?. සහල් ගැන විශේෂ තීරණයක් මෙන්න.

සහල් මිලට කුමක් වෙයි ද?. සහල් ගැන විශේෂ තීරණයක් මෙන්න.


අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (26) පෙරවරුවේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ දී පැවති වගා හානි වන්දි පිරිනැමිමේ අවස්ථාවට සහභාගි වෙමින් ය.

අද දිනයේ, යල කන්නයේ දී වළව කලාපයේ වගා හානි සිදු වූ ගොවීන්ට වගා හානි සඳහා රුපියල් ලක්ෂ 1,000ක මුදලක් රජය විසින් පිරිනමනු ලැබීය.

කෙසේ වෙතත්, බණ්ඩි පොහොර මිටියක මිල රුපියල් 9,000 දක්වා අඩු කිරීමට නියමිතයි.

ඒ අනුව රජයට අයත් පොහොර සමාගම් දෙක මඟින් එම මිලට බණ්ඩි පොහොර ලබා දීම සිදු කරනු ඇත.