ප්‍රභල පුද්ගලයෙක් ගෙන් එල්ලවන චෝදනා වලට පිළිතුරු

Politics pb jyasundara
By Sithumi Oct 24, 2021 10:59 AM GMT
Sithumi

Sithumi

Report

පොහොර සිද්ධියක් සම්බන්ධයෙන් තමාට එල්ල වන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර මහතා පවසයි. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් ඒ බව පෙන්වා දෙයි. එහි දැක්වෙන්නේ ඉන්දියාවෙන් පොහොර ගෙන්වීම සඳහා රාජ්‍ය බැංකුවක පෞද්ගලික ගිණුමක් විවෘත කිරීම පිළිබඳව විපක්ෂ මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශයක් උපුටා දක්වමින් ඇතැම් මාධ්‍ය ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර මහතා ඉලක්ක කර නිර්මාණය කරන සාවද්‍ය ප්‍රවෘත්තියක් බවය.

එම ප්‍රවෘත්ති සම්පූර්ණයෙන් අසත්‍ය සහ ද්වේශ සහගතව නිර්මාණය කරන ඒවා බවද පෙන්වා දෙයි. ඒ අනුව එහි වැඩිදුරටත් දැක්වෙන්නේ, "රාජ්‍ය බැංකුවක ගිණුමක් විවෘත කිරීම අදාළ බැංකුව සහ ගිණුමේ හිමිකරු අතර කාර්යභාරයක්. එහිදී නියමිත ක්‍රියාපටිපාටියට අනුව කටයුතු කිරීම බැංකුවට අදාළ වගකීමකි," යනුවෙනි. 

මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයක් හුවාදක්වමින් තමා ඉලක්කකොට සැලසුම් සහගතව ගෙන යන සාවද්‍ය ප්‍රචාරයන් සම්බන්ධයෙන් දැනටමත් දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බවද ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර මහතා සඳහන් කරයි.


ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කිය අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න