අම්මා නැති දාක මම මහණ වෙනවා - ජනප්‍රිය නිවේදකයෙකු කියූ කතාව (VIDEO)

Sri lanka gossip Harindra jayalal nadeeka karunarathna
By Sithumi Oct 31, 2021 04:33 PM GMT
Sithumi

Sithumi

Report

ප්‍රවෘත්ති නිවේදන අංශයෙන් මුළු රටේම ආදරය දිනාගත් ආදරණිය නිවේදකයා. ඔහු තමයි නදීක කරුණානායක. ඔහු ගැන ලංකාව වගේම මුළු ආසියාවම වගේ දන්නවා. පසුගිය කාලය පුරාවටම මේ දක්ෂ නිවේදකයා ගැන හැමෝම කතාකරන්න පටන් ගත්තා. ඒ ස්වර්ණවාහිනියෙන් ඉවත් වීම සම්බන්ධව. පසුව ඔහුව දැකගන්න ලැබුනේ නැහැ. 

ඔහුට සිදුවුණා අසාධාරණය ගැන හැමෝම කතාකරන්න පටන් ගත්තා. ඔහු නැති අඩුව මෙරට ප්‍රේක්ෂකයාට තදින්ම දැනුනා. කවුරු කෙසේ කරත් ප්‍රේක්ෂකයා ඔහුට ආදරය කරා. ඔහු වටා එකතු වුනා. නැවත ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්න කියා ඔහුට ආරාධනා කරා වෙනත් නාලිකාවකින් හෝ කියලා. ඔහු කාලයක් නිවසේම සිටියා. 

මේ වෙද්දී ලාංකීය ජනතාවට නදීකට ආදරය කරන ප්‍රේක්ෂකයාට සුබ පණිවුඩයක් ලැබී තිබෙනවා. තව නොබෝ දිනකින් අලුත්ම විදියට ඔහු ඔබේ ආලින්දයට එන්න සුදානම් ඒ අලුත්ම නාලිකාවකින් ඒ ත්‍රිවිධ ටීවී හරහා කියලා තමයි නදීක කියා සිටියා. හරින්ද්‍ර ජයලාල් යු ටියුබ් නාලිකාව හා සම්බන්ධ වෙමින්. 

නදීක කියන්නේ දක්ෂ ගායකයෙක්. සින්දු වගේම කවි කියන්නත් ඔහු දක්ෂ බව හරින්ද්‍ර ඔප්පු කරලා පෙන්නුවා. නිවේදනයට අමතරව බොහෝ හැකියාවන් ඔහුට තිබෙනවා. කෙතරම් ජනප්‍රිය වුනත් ගම අතහැරලා නගරයට එන්න අකමැති කෙනෙක්. ඔහු තවමත් රැකියාවට යන්නේ එන්නේ ගමේ ඉදලා තමයි. ඒ වගේම දහම්පාසල් ගුරුවරයෙක් විදියටත් උගන්වනවා.

එම වීඩියෝව පහතින් නරඹන්න 

  

ජනප්‍රියත්වය කොතෙක් වුවද ඔහු රටට වැඩ ඇති වටිනා මිනිසෙක්.ඔහු ඉන්නේ කුරුනෑගල පන්නල කිට්ටුව. ගමේ පරිසරයට ආදරය නිසා ඒ දේවල් අතහැරලා යන්න අකමැති බවයි ඔහු කියන්නේ.ඔහු අදටත් කියන්නේ නදීක කරුණානායක කියන නම බ්‍රෑන්ඩ් එකක් වුනේ ස්වර්ණවාහිනී ය හරහා බවයි ඔහු කියන්නේ.

හරින්ද්‍ර කියන්නේ නදීක මැතිවරණ ප්‍රතිපල ඉදරිපත් කරන්න ඉන්න හොදම නිවේදකයා නදීක කරුණානායක බවයි. නදීකගේ පවුලේ ඉන්නේ අයියයි අම්මයි සහෝදරියෝ දෙන්නයි නදිකයි. නදීක තවම තනිකඩ ජිවිතයක් ගෙවන්නේ. නදීකගේ අම්මා කියන්නේනම් විවහය ගැන හිටහ්න්න කිවුවට වැඩක් නැහැ කියලා දවසට දෙතුන් පාරක් කියනවා මෙයා අහන්නේ නැහැ කියලා. නදීක කයන්නේ අම්මා මගේ පන එය තමයි මගේ ජිවිතේ. 

මගේ ජිවිතේ ආසාවක් තියෙනවා. සරසවි ඇදුරෙක් වෙන්න. ඒ දේ කරනවා. අම්මා නැති දවසක මම මහන වෙනවා. පොඩි කලේ ඉදලා අදහස තිබුනා. අම්මා කැමති නැහැ. එයා නැති කාලේ එයාට පින් ලැබෙන්නෙම මම මහන වෙනවා කියලා තමයි නදීක කරුණානායක කියන්නේ. ඉතින් මුළු රටේම ආදරය දිනු හොරු නිවේදකයා නැවතත් ඔබේ ආලින්දයට පැමිණීමට සුදානම්. අපත් ඔහුට හදවතින්ම සුබ පැතුම් එක්කරනවා


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha