''හැමදාම වයිෆ් උදේ පුතාට කෝල් ගන්නවා - දහවෙනිදා කතා කරාම ආන්සර් කරේ නෑ ජපානෙන් ආපු කෝල් එකෙන් මුළු පවුලම අසරණ වුණා" - ජපානයේදී ඝාතනය වූ කුලියාපිටියේ ප්‍රවීන්ගේ පියා කී කඳුළු කතාව මෙන්න
පසුගිය දවස්වල ගොඩ දෙනෙක් කතා කළ සිදුවීමක් වුණේ ජපානයේදී ලාංකික තරුණයෙකු මියයාගේ සිදුවීමයි . එය දෙරට ආන්දෝලනයක් ඇති කරන්නට සමත් සිදුවීමක් විය .
ජපානයේ චිබා ප්‍රාන්තයේ, නගරෙයාමා නගරයේ නිවසකදී ශ්‍රී ලාංකික තරුණයෙකු "පිහි ඇනුමකින්" ජීවිතක්ෂයට පත්ව තිබුණි
මෙලෙස මිය ගොස් ඇත්තේ, ප්‍රවීන් ඉසුරු
නමැති 21 හැවිරිදි තරුණයෙකි. මෙම තරුණයා ඝාතනය කිරීමට උත්සහ කිරීමේ චෝදනාව මත තවත් ශ්‍රී ලාංකිකයෙකු අගෝස්තු 11 වන දින එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත මිය ගිය ප්‍රවීන් පුතුන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ දෙවැන්නාය කුලියාපිටිය ධර්මරාජ විද්‍යාලයෙන් මූලික අධ්‍යපානය හදාරා ඇති ඔහු පසුව ද්වියිතියික අධ්‍යාපන කටයුතු සඳහා කුලියාපිටිය සාරානාත් විද්‍යාලයට ඇතුළත් වී ඇත.
ඉකුත් අප්‍රේල් මස 8 වන දා තම පුතු අධ්‍යාපන කටයුතු සඳහා ජපානය බලා ගිය බව ඔහු පියා සදහන් කරතිබේ
තව දුරටත් පියා සදහන් කරන්නේ මෙවන් අදහසක්
. "අන්තිමට 10 වෙනි දා රෑ කතා කළා... 11 වෙනි දා බිරිඳ උදේ කෝල් කළා, ආන්සර් කළේ නැහැ," ඔහු පැවසීය. "11:20ට විතර සෙන්සේ කියලා එක්කෙනෙක් කතා කළා. මම ටවුන් යන ගමන් හිටියේ. සංජයගේ තාත්ත ද කියලා ඇහුවා. මම කිව්වා සංජය නෙවෙයි ප්‍රවීන් ඉසුරුගේ තාත්තා කියලා," ප්‍රවීන්ගේ පියා එදින සිදුවීම සිහිපත් කළේ ය. "හැමදාම වයිෆ් උදේ පුතාට කෝල් ගන්නවා.. දහවෙනිදා කතා කරාම ආන්සර් කරේ නෑ. ඇත්තම කතාව අපි දන්නෑ. පුතා ප.ණපිටින් හිටියනම් මට දැනගන්න තිබ්බා ඔක්කොම දේවල්. මට බොරු කරන්නෙ නෑ කවදාවත්. අන්තිමට මට සෙන්සෙයි කියලා එක්කෙනෙක් කතා කළා. මං ටවුන් යන ගමන් හිටියේ. ප්‍රවීන් ඉසුරුගේ තාත්තද කියලා ඇහුවා. මගේ පුතාගේ ෆෝන් එකෙන් කතා කරේ. අම්මට ෆෝන් එක දෙන්න කිව්වා.. මං විනාඩි පහෙන් විතර ගෙදර ආවා.. ආයේ පැය භාගෙකින් විතර කෝල් එකක් ආවා. පුතා ප්‍රශ්නයක් වෙලා ICU ඉන්නවා කියලා කිව්වා.. මෙයා අ.ඬන්න ගත්තා, මං එයා සනසන්න කිව්ව චුට්ටක් ඉන්න!! ජපානේ කියන්නේ පොඩි රටක් නෙවෙයිනේ, මොකක් හරි කරන්න පුළුවන්නේ කියලා.. ආපහු අපේ ලොකු පුතාට කවුරුහරි කෝල් එකක් අරන් තියෙනවා. නැතිවුන පුතාගේ ෆෝන් එකේ නොම්බර ඇතිනේ. ලොකු අයිය කියල ග.හල ඇති ෆෝන් එකේ. තාත්තා කියලා ඇති ඇති මගෙ නම.. වැඩ නවත්තලා මේ පුතත් ආවා. පි. ස්.සෙක් වගේ කෑ.ග.හන්න ගත්තා මෙතන... හේතුව මං දන්නෑ. පැයකට විතර පස්සේ ආයේ කෝල් එකක් ආවා, පුතා නැති උනා කියලා..."
යනුවෙන් මාධ්‍ය විසින් කළ විමසීමදී ඔහු සදහන් කළේ එවන් අදහසකි.
සිද්ධිය සිදු වූ ස්ථානයේ සිටි 18 හැවිරිදි ශ්‍රී ලාංකික ශිෂ්‍යයෙකුගෙන් පොලිසිය ප්‍රශ්න කළ අවස්ථාවේදී, ඔහු පිහියකින් අනෙක් තරුණයාට ඇන ඇති බව පිළිගෙන ඇත.