දේව ආශිර්වාදය ගන්න අඩි 60ක් උස කණුවකට නැගි තිදරු පියා ජීවිතක්ෂයට

By Mithu Apr 27, 2025 11:17 AM GMT
Report

හින්දු සංස්කෘතියේ විදහා දැක්වෙන පොන්නන් සංගර් නාට්‍ය විදහා දැක්වීමට අද (27) උදෑසන අඩි 60ක් උස කණුවකට නැගි එම නාට්‍යයේ ප්‍රධාන භූමිකාව රඟ දැක්වූ තිදරු පියෙකු කණුවේ මුදුනෙන් බිමට ඇද වැටී ජීවිතක්ෂයට පත්ව ඇතැයි නානුඔය පොලීසිය පැවසීය. මෙසේ ජීවිතක්ෂයට පත් වී ඇත්තේ නානුඔය පොලිස් වසමට අයත් ග්ලාස්කෝ වතුයායේ පදිංචිව සිටි මුරුගන් සන්මුගම් නැමති අයෙකි.

ඩෑන් නිසා දිල්කා දෙරණට දෙහි කපයි

ඩෑන් නිසා දිල්කා දෙරණට දෙහි කපයි

සෑම වසරකම එම වතුයායේ වතු කම්කරුවන් එක්ව හින්දු සංස්කෘතිය විදහා දැක්වෙන පොන්නන් සංගර් නාට්‍ය විදහා දක්වන බවත්, 2025 වසරෙත් එම වතුයායේ සියලු වතු කම්කරුවන් එක්ව ඊයේ (26) රාත්‍රියේ සිට අඩි 60ක් උස කොඩි කණුවක් සිටුවා එම කොඩි කණුවේ මුදුනේ විශාල මල් රඳවා පහන් වන තුරු නාට්‍ය විදහා දක්වා විශේෂ පූජාවන් ගණනාවක් පැවත්වා තිබේ.

අනතුරුව හිරු උදාවීමට ප්‍රථම එම නාට්‍ය විදහා දක්වන ප්‍රධාන ශිල්පියා අඩි 60ක් උස කණුවට නැග කණුව මුදුනේ රඳවා ඇති මල් ගෙන උත්සවයට සහභාගී වූවන්ට ඉසීමට යෑමේ දී මෙලෙස ඇද වැටී මිය ගොස් ඇත. මියගිය පුද්ගලයාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරිම සඳහා නුවරඑලිය දිස්ත්‍රික්ක මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරයා වෙත යොමුකර ඇති බව සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන නානුඔය පොලිස් ස්ථානයේ නිලධාරියෙකු පැවසුවේය.

මේ දෙසැම්බර් වන විට සජිත් ජනාධිපති පුටුවේ - කබීර් කියයි!

මේ දෙසැම්බර් වන විට සජිත් ජනාධිපති පුටුවේ - කබීර් කියයි!