දෙවියනේ පුද්ගලික ආරවුලක් මත තිදරු පියා කපා කොටා මරලා
මතුගම ප්‍රදේශයේ දී පුද්ගලික ආරවුලක් මත පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව පොලිසිය පවසයි. ඒ අනුව මියගිය පුද්ගලයා වෝගන්වත්ත, මතුගම පදිංචි වයස අවුරුදු 41ක තිදරු පියෙකු වන සත්‍යවේල් සසිකුමාර් මහතායි.
ඒ අනුව මූලික පරීක්ෂණ වලින් අනාවරණය වන පරිදි ඔහු ඊයේ (16) රාත්‍රීයේ නිවසට පැමිණෙමින් සිටි අතර, නිවසට මීටර් 300ක් පමණ ආසන්න පාළු ප්‍රදේශයකදී මෙලෙස තියුණු ආයුධයකින් කපා කොට ඝාතනය කර ඇත.
සැකකරු මේ වන විට එම ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බව පොලිසිය සඳහන් කරන අතර එම සැකකරුගේ දොඩංගොඩ ප්‍රදේශයේ නිවසට ඝාතනය වූ පුද්ගලයාගේ හිතවතුන් සහ ගම්වාසීන් පැමිණ, අද (17) උදෑසන එම නිවසට ගිනි තබා විනාශ කර ඇතැයි වාර්තා වේ.
ඝාතනය සම්බන්ධ ඉදිරි විමර්ශන කටයුතු මතුගම පොලිසිය විසින් සිදු කිරීමට නියමිතයි.