අසත්‍ය පුවතක් ප්‍රචාරය වෙලා - ජනාධිපති ලේකම් කාර්යාලයෙන් නිවේදනයක්

Report

ග්‍රාම නිලධාරි අක්‍රමිකතා සම්බන්ධ ව්‍යාජ පුවතක් සමාජ මාධ්‍යවල සංසරණය - ජනාධිපති ලේකම් කාර්යාලයෙන් නිවේදනයක් “ග්‍රාම නිලධාරි සම්බන්ධ අක්‍රමිකතා සඳහා කඩිනම් පැමිණිලි හැසිරවීමේ ක්‍රියා පටිපාටිය” යන මාතෘකාවෙන් සමාජ මාධ්‍යවල සංසරණය වන සටහනක් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ජනාධිපති ලේකම් කාර්යාලය නිල වශයෙන් දැනුම් දී තිබේ.

මෙම ව්‍යාජ සටහනේ වංචාකාරී ක්ෂණික ඇමතුම් අංක සහ සෘජු දුරකථන අංක අඩංගු වන අතර, එය ජනාධිපති ලේකම් කාර්යාලය විසින් නිකුත් කළ බවට සාවද්‍ය ලෙස ප්‍රකාශ කර ඇති බව කාර්යාලයේ නිලධාරීන් අවධාරණය කළේය.

බැංකු ගිණුම්වලට සල්ලි මෙන්න - ඉල්ලුම් කළේ නැත්නම් අදම ඉල්ලුම් කරන්න

බැංකු ගිණුම්වලට සල්ලි මෙන්න - ඉල්ලුම් කළේ නැත්නම් අදම ඉල්ලුම් කරන්න

තොරතුරු සම්පූර්ණයෙන්ම සාවද්‍ය සහ රැවටිලිකාර බව පෙන්වා දෙමින්, සමාජ මාධ්‍ය වේදිකාවල සත්‍යාපනය නොකළ අන්තර්ගතයන් බෙදාහදා ගැනීමෙන් මහජනතාව වළකින ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය ඉල්ලා සිටියේය.

රජයේ ක්‍රියාපටිපාටි සහ නිල තොරතුරු සම්බන්ධයෙන් නිල නිවේදන සහ සත්‍යාපිත මූලාශ්‍රවලට පමණක් විශ්වාසය තැබිය යුතු බවද කාර්යාලය තවදුරටත් මහජනතාවට මතයින් දැන්වීය.

පාසල් සිසුන්ට විශේෂ නිවේදනයක්

පාසල් සිසුන්ට විශේෂ නිවේදනයක්