පියුමි හංසමාලිට එරෙහිව රු. මිලියන 225ක බදු චෝදනා - කොළඹ මහාධිකරණයට අධිචෝදනා

Report

ජනප්‍රිය නිරූපණ ශිල්පිනී සහ නිළි පියුමි හංසමාලිට එරෙහිව කොළඹ මහාධිකරණයේ අධිචෝදනා ගොනු කිරීමට පියවර ගෙන තිබේැ බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

ලෝලියා ස්කින් කෙයාර් (සම සුදු කිරීමේ ක්‍රීම් අලෙවි කරන පෞද්ගලික සමාගමක්) හිමිකාරිනිය වන පියුමි හංසමාලි මහත්මිය රජයට රුපියල් මිලියන 225ක බදු මුදලක් ගෙවීම පැහැරහැර ඇති බවට චෝදනා එල්ල වී තිබේ. මෙම චෝදනා සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් මත මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කිරීමට නියමිත බව දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

පියුමි හංසමාලිට එරෙහිව රු. මිලියන 225ක බදු චෝදනා - කොළඹ මහාධිකරණයට අධිචෝදනා | Piumi Hansamali Indicted Over Rs 225M Tax

කෙටි කාලයකදී කෝටිපතිනියක් බවට පත්වූ බව කියැවෙන පියුමි හංසමාලි මහත්මියට එරෙහිව මෙම නඩු ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වෙමින් සිටින බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දිනේෂ් පෙරේරා මහතා අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම තොරතුරු අනාවරණය වූයේ දෙසැම්බර් 15 වැනිදා අධිකරණය හමුවේ නඩුව කැඳවූ අවස්ථාවේදීය.

ChatGPT එකට දුක කියන්න ගිහින් වෙච්ච දේ - සැබෑ පෙම්වතාව අතෑරලා AI මනාලයෙක් හා විවාහ වෙයි

ChatGPT එකට දුක කියන්න ගිහින් වෙච්ච දේ - සැබෑ පෙම්වතාව අතෑරලා AI මනාලයෙක් හා විවාහ වෙයි