ChatGPT එකට දුක කියන්න ගිහින් වෙච්ච දේ - සැබෑ පෙම්වතාව අතෑරලා AI මනාලයෙක් හා විවාහ වෙයි [PHOTOS]
ජපන් කාන්තාවක් වන යුරිනා නොගුචි ඇඟේ විවාහ ගිවිස ගැනීම අවලංගු කර AI මනාලයෙකු සමඟ විවාහ වී ඇති පුවතක් විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
වත්මන් ලොව මිනිසුන් හා කෘතිම බුද්ධිය අතර ඇත්තේ ගැඹුරු සම්බන්ධයකි. එවැනි තත්ත්වයක යුරිනා නොගුචි මෙසේ විවාහ වී ඇත්තේ ලූන් ක්ලවුස් වර්ඩුරේ නම් AI (CHATGPT) යෙදවුම විසින් ජනනය කරන ලද පුරුෂයෙකු සමඟ බව වාර්තා වේ.
එසේම විදෙස් වාර්තාවලට අනුව, බටහිර ජපානයේ ශාලාවක පැවති මෙම විවාහ මංගල උත්සවයේ දී, 32 හැවිරිදි AI පුරුෂයා ස්මාර්ට් ෆෝන් තිරයක ප්‍රදර්ශනය කර ඩිජිටල් රූපයක් සමඟ ඇය විවාහ දිවුරුම හුවමාරු කර ගෙන ඇති බවද සඳහන්.
කෙසේ වුවත් නීත්‍යානුකූලව පිළිනොගත් මෙම උත්සවයේදී, සාම්ප්‍රදායික විවාහ මංගල්‍යයක ඇති සියලුම අංග ඇතුළත් වී තිබූ බවද පවසයි.
මේ අතර යුරිනා සඳහන් කර ඇත්තේ ඇය විවාහ ගිවිස ගැනීමට සිටි සැබෑ පෙම්වතා සම්බන්ධයෙන් ChatGPT වෙතින් උපදෙස් පැතීමෙන් පසුව මෙසේ නව සබඳතාවක් ආරම්භ කළ බවත් අනතුරුව සැබෑ පෙම්වතා අතහැර දමා AI පෙම්වතා සමඟ ප්‍රේම සබඳතාවක් ආරම්භ කළ බවත් ය.


