නායයෑම් සම්බන්ධයෙන් මේ පාසල්වලට දැනුම්දීමක්

Report

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NRBO) විසින් සිදුකළ තක්සේරු පර්යේෂණයක් අනුව, මධ්‍යම පළාතේ කිසිදු පාසලකට නායයෑම් අවදානම් තත්ත්වයක් නොමැති බව අනාවරණය වී ඇත.

එබැවින්‘දිට්වා’ සුළි කුණාටුවේ බලපෑමට ලක්වූ මධ්‍යම පළාතේ පාසල් කිසිවක් ඉවත්කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු ආචාර්ය ආසිරි කරුණාවර්ධන මහතා අවධාරණය කළේය.

මෙම පර්යේෂණය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සහ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාල 3ක එකතුවෙන් (පේරාදෙණිය, මොරටුව, ශ්‍රී ජයවර්ධනපුර) විශේෂඥ කණ්ඩායම් 15ක් සමග සිදුකර ඇත.

සත්තු වත්තේ අතුරුදන් වූ කහ ඇනකොණ්ඩා පැටවා යකඩ පෙට්ටියක් ඇතුලේ

සත්තු වත්තේ අතුරුදන් වූ කහ ඇනකොණ්ඩා පැටවා යකඩ පෙට්ටියක් ඇතුලේ

එහිදී පාසල්වලට දිවෙන මාර්ග ගිලා බැසීමෙන් අබලන් තත්ත්වයේ පවතින බව හෙළි වී ඇත.

ඒ අනුව, රජය මෙම මාර්ග කඩිනමින් පිළිසකර සංරක්ෂණය කිරීම සඳහා නිර්දේශ කර ඇති අතර, මධ්‍යම පළාතේ පාසල් පවත්වාගෙන යාමට සුදුසු බව සහ අවදානමක් නොමැති බව අධ්‍යාපන අමාත්‍යංශයට දැනුම් දී ඇත.

දුක බලන්න ගිය නාමල්ට ලග්ගල දී දරුණු විරෝධයක්

දුක බලන්න ගිය නාමල්ට ලග්ගල දී දරුණු විරෝධයක්