සත්තු වත්තේ අතුරුදන් වූ කහ ඇනකොණ්ඩා පැටවා යකඩ පෙට්ටියක් ඇතුලේ

Report

ඉකුත් දිනෙක කාන්තාවක විසින්‌ නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ කහ ඇනකොණ්ඩා ඇතුළු සර්ප විශේෂ 4කට අයත් සර්පයින් 6 දෙනෙකු කටුනායක ගුවන්තොටුපළ නිලධාරීන් විසින්‌ අත්අඩංගුවට ගත්තේය.

එහිදී මෙම සතාවා රැකබලා ගැනීම සඳහා 2025.09.15 වන දින දෙහිවල ජාතික සත්වෝද්‍යානය වෙත භාරදීමෙන් පසු උරග උයන තුළ නිරෝධායනය සඳහා යොමුකර සිටියදී අවුරුද්දක් පමණ වයසැති අඩි 1 1/2ත් 2ත් පමණ දිගැති සත්වෝද්‍යානය සතුව සිටි ලංකාවේ එකම කහ ඇනකොන්ඩා පැටවා අතුරුදන්වී ඇති බවට ඉකුත් 7 වනදා දෙහිවල පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබුණි.

දරුණු බඹර ප්‍රහාරයක් - දසදෙනෙකු රෝහලේ

දරුණු බඹර ප්‍රහාරයක් - දසදෙනෙකු රෝහලේ

එලෙස දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිට අතුරුදන් බව කියූ කහ ඇනකොණ්ඩා පැටවා මේ වන විට සොයාගෙන තිබේ. ඒ අනුව මෙම සත්වයා උරග උයන තුළ යකඩ පෙට්ටියක සිටියදී සොයා ගැනීමට හැකිව ඇත.

කහ ඇනකොණ්ඩා පැටවා අතුරුදන්වීම සම්බන්ධයෙන් උරග උයනේ සත්ව භාරකරුගේ වැඩ තහනමට ලක්කර තිබුණි. කහ ඇනකොණ්ඩා භාරව සිටි සේවකයා ප්‍රකාශ කර තිබුණේ අතපසුවීමකින් පැටවා රඳවා සිටි පෙට්ටියේ දොර වසා නොතිබීම හේතුවෙන් පැටවා එළියට ගොස් ඇති බවය.

මේ හේතුවෙන් පසුගිය දින කිහිපය තුළ සත්වෝද්‍යානය තුළ සේවකයන් යොදවා සෝදිසි කිරීම් සිදුකර තිබුණද කහ ඇනකොණ්ඩා පැටවා සොයා ගැනීමට නොහැකි විය.

පාසල් සිසුන්ට විශේෂ නිවේදනයක්

පාසල් සිසුන්ට විශේෂ නිවේදනයක්

පසුව මේ පිළිබඳව උරගයින් භාරව සිටි සත්ව භාරකරුට එරෙහිව මූලික පරීක්‍ෂණ සිදුකිරීමෙන් අනතුරුව ඊයේ (16) ඔහුගේ වැඩ තහනමට ලක්කර තිබුණි. එවන් පසුබිමක මෙලෙස උරග උයන තුළ යකඩ පෙට්ටියක සිටියදී මෙම කහ ඇනකොණ්ඩා පැටවා සොයා ගැනීමට හැකිවී ඇත.