දුක බලන්න ගිය නාමල්ට ලග්ගල දී දරුණු විරෝධයක්
අද (17) පෙරවරුවේ, මාතලේ ලග්ගල ආසනයේ ආපදා නිසා පීඩාවට පත්වූ ජනතාව රැඳී සිටින සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ගොස් තිබේ.
එම අවස්ථාවේදී, සුරක්ෂිත මධ්‍යස්ථානවල රැඳී සිටි පිරිසකින් නාමල් රාජපක්ෂට විරෝධයක් එල්ල කර තිබේ. එම විරෝධය හමුවේ වුවද අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ ජනතාව ගැටුම්වලට ලක් නොවී හැකි ඉක්මනින් අවතැන් කඳවුරුවලින් ඉවත් කිරීමට කටයුතු කළ යුතු බව අවධාරණය කළේය.
ඔහු තරුණයකුට අදහස් දක්වමින් සඳහන් කළේ,
“ඔයත් කොල්ලෙක්, මාත් කොල්ලෙක්. ඔයා කියන දේත් මං අහන් හිටියා නේ. ඒක නිසා මං කියන දේත් අහගන්න. ඔයාගේ අයියා ඔයා බලාගන්න, මගේ දේශපාලනේ මං කරන්නම්. මිනිස්සුන්ම මාස ගාණක් කඳවුරේ තියන්න බැහැ. ඒකට විකල්පයක් අපි හොයන්න ඕනේ, ඒක තමයි මමත් කියන්නේ, ඒක තමයි උඹත් කියන්නේ, ඉතින් ඒක හින්දා අපි දෙන්නා මේකට ඇරගෙන හරියන්නේ නැහැ.”
යනුවෙනි.