ආහාර ඉල්ලා අවතැන්වූවන් පිරිසක් උද්ගෝෂණයක

Report

දිට්වා සුළි කුණාටුවෙන් හා නායයෑමට ලක් වූ කොත්මලේ ගැරඩිඇල්ල ප්‍රදේශයේ පදිංචිව සිටින ජනතාව අද (17) දින, කොත්මලේ ගාමිණි දිසානායක පාසල ඉදිරිපිට උද්ගෝෂණයක නිරත විය.

උද්ගෝෂණයට සහභාගී වූ පිරිස පවසන්නේ, ඔවුන් කොත්මලේ ගැරඩිඇල්ල ප්‍රදේශයේ පදිංචිව සිටින අතර, නායයෑමේ අවදානමක් සහිත ස්ථාන වල සිටි පවුල්වල සාමාජිකයින් 300 දෙනෙකු තාවකාලිකව කොත්මලේ ජාතික විද්‍යාලයේ ආරක්ෂිත කදවුරට ගෙන විත් පදිංචි කර ඇති බවයි.

ත්‍රිරෝද රථ රියදුරෙක් වෛද්‍යවරයෙක්ට ගහලා - වෛද්‍යවරු වර්ජනයකට

ත්‍රිරෝද රථ රියදුරෙක් වෛද්‍යවරයෙක්ට ගහලා - වෛද්‍යවරු වර්ජනයකට

කෙසේ වෙතත්, උද්ගෝෂණයට සහභාගී වූ පිරිස කියාසිටියේ, කදවුරේ ජල පහසුකම් සහ සෞඛ්‍ය පහසුකම් නොමැති බව සහ ලබා දෙන ආහාර නිතිපතා සෝයා මීට් සහ පරිප්පුවලට සීමා වන බවයි.

තවද, ග්‍රාම සේවා නිළධාරිවරයා දින ගණනාවක් කදවුරට පැමිණි නොමැති බවත්, රජයේ වගකිය යුතු අනිත් නිළධාරීන් කිසිවෙකු කදවුරේ අඩුපාඩු සොයා බැලීමට හෝ සාකච්ඡා කිරීමට පැමිණ නැති බවත් එම පිරිස දන්වා සිටී.

ගාල්ල බන්ධනාගාරයෙන් හදිසි‍යේ අහසට වෙඩි - හේතුව මෙන්න

ගාල්ල බන්ධනාගාරයෙන් හදිසි‍යේ අහසට වෙඩි - හේතුව මෙන්න

මේ සම්බන්ධයෙන් කොත්මලේ ප්‍රාදේශීය ලේකම් නදීර ලක්මාල් මහතාගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ එම ආරක්ෂිත කදවුරේ අවතැන් වි සිටි පිරිස් පදිංචිව සිටි ඇතැම් නිවාස නායයැමේ අවධානමක් නොමැති බවට ජාතික ගොඩනැගිලි පර්ය්ෂනායතනය විසින් නිර්දේශ කල බවත්, ඒ අනුව එම නිවාස වලට පදිංචියට යන ලෙසට ආරක්ෂිත කදවුරේ සිටින පිරිසට දැනුම් දුන්නද ඔවුන් එම ස්ථානවල පදිංචියට යෑම ප්‍රතික්ෂේප කරන බවයි ප්‍රා දේශීය ලේකම්වරයා කියා සිටින්නේ.