ලොරි රථයක පිටුපස ගැටුණු යතුරුපැදියක් අනතුරට - තරුණ ජීවිතයක් අකාලයේ නිවී යයි
ගිරිඋල්ල - මීගමුව මාර්ගයේ පහළ නාරංගමුව ප්රදේශයේදී සිදුවූ රිය අනතුරකින් 29 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ගිරිඋල්ල දෙස සිට පන්නල දෙසට ධාවනය වූ යතුරුපැදියක් ඉදිරියෙන් ගමන් කළ ලොරි රථයක පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි .
පොලිසිය සඳහන් කළේ. අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු දඹදෙණිය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ යෝගියාන ප්රදේශයේ පදිංචිව සිටි 29 හැවිරිදි තරුණයෙක්.
අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන ගිරිඋල්ල පොලිසිය විසින් සිදුකරනු ලබනවා.