14ක් බිලිගත් පස්සර 13 කණුවෙදි වසර දෙකකට පසු ගුරුවරයෙක් බිලිගනී.
අද (20) උදෑසන පස්සර - ලුණුගල මාර්ගයේ 13 කණුව ප්‍රදේශයේදී මෝටර් රථයක් ප්‍රපාතයකට පෙරළී සිදු වූ රිය අනතුරකින් ගුරුවරයෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
එලෙස මියගොස් ඇත්තේ මඩොල්සිම විද්‍යාලයක සේවය කළ 34 හැවිරිදි ගුරුවරයෙකි.
එම ගුරුවරයාගේ නිවස එම ස්ථානයේ මහා මාර්ගයට ඉහළින් පිහිටා අතර රැකියාවට යාම සඳහා නිවසට යන මාර්ගයේ සිට මෝටර් රථය මහා මාර්ගයට ගැනීමට යාමේදී අඩි 60ක් පමණ පහළින් පිහිටි මහා මාර්ගයට මෝටර් රථය පෙරළී තිබෙනවා.
මීට වසර 2කට පෙර ද පෞද්ගලික බස්රථයක් ප්‍රපාතයකට පෙරළී මගින් 14දෙනෙක් ජීවිතක්ෂයට පත්වුයේ ද මෙම අනතුර සිදුව ඇති ස්ථානයේදීම බව සඳහන්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. කාබනික නැවුම් ආහාර රස විඳීමට, නවාතැන් පහසුකම් සහ විනෝදාස්වාදය ලබා ගැනීම වගේම තවත් සුපිරි වාසි රැසක්. වැඩි විස්තර මෙතැනින් |
