ආයේ මාස හතරක් මාස 4ක් යන්නෑ - විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් විශේෂ දැනුම් දීමක්

Report

මෙවන විට විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් යම් අර්බුදකාරී තත්ත්වයක් පැන නැගී ඇත.

හේතුව මේ සඳහා මාස හතරකට අධික කාලයක් ගතවන බැවින් එය ලබා ගැනීමට විශාල කාලයක් බලා සිටීමට සිදුවීමයි. එබැවින් මෙම ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා වන යාන්ත්‍රණය ශක්තිමත් කිරීමට සාකච්ඡාවක් විදේශ කටයුතු හා විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ.

මෙම සාකච්ඡාවට අනුව අමාත්‍ය විජිත හේරත් මහතා සමඟ සාකච්ඡාව සඳහා විදේශ රටවල සේවය කරන ශ්‍රී ලංකා තානාපතිවරු රැසක් ඔන්ලයින් ඔස්සේ සහභාගි වූ බවත් ප්‍රකාශකවරයා කීවේය. ඒ අනුව ඉදිරියේදී ගමන් බලපත් අලුත් කිරීම සහ නිකුත් කිරීම ඉක්මන් කිරීමට හැකිවනු ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.

කැම්පස් යන අයට යන්න ඉන්න අයට සුභ ආරංචියක් - ආයේ ජොබ් ගන්න ප්‍රශ්න නෑ

කැම්පස් යන අයට යන්න ඉන්න අයට සුභ ආරංචියක් - ආයේ ජොබ් ගන්න ප්‍රශ්න නෑ

මෙම සාකච්ඡාවට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, කන්සියුලර් අංශයේ නිලධාරීන්, අමාත්‍යාංශයේ නිලධාරීන් මෙන්ම විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානීහු එක් වූහ.

දැනට විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ යාන්ත්‍රණය යාවත්කාලීන කිරීම යටිතල පහසුකම් වර්ධනය කිරීම, ගමන් බලපත්‍ර නිරවද්‍යතාව සහ වේගවත්ව නිකුත් කිරීම සඳහා නව ක්‍රමෝපායන් හඳුනාගැනීම පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වී තිබේ. විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට වඩාත් පහසු සේවාවක් සැපයීම අමාත්‍යාංශයේ ප්‍රමුඛතාව වී තිබෙන බවත් කියැවේ.

හැමෝම හොයපු අද රන් මිල - ගන්නවා නම් ලොකු වාසියක්

හැමෝම හොයපු අද රන් මිල - ගන්නවා නම් ලොකු වාසියක්