කැකිරාවෙදි දැවැන්ත විරෝධතාවක් - ගොවි සංවිධාන රැසක් පාරට බසී

Report

ගොවි සංවිධාන රැසක ගොවි නියෝජිතයෝ කැකිරාවේදී අද (07) දින විරෝධතාවයක නිරත ව ඇත.

ඒ වී සඳහා සාධාරණ මිලක් ඇතුළු ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින්.

ඒ අනුව මෙම ගොවි උද්ඝෝෂණය සංවිධානය කර තිබුණේ අනුරාධපුර දිස්ත්‍රික් හුරුළු පෝෂිත කලාපය, කැකිරාව, ගල්කිරියාගම මහවැලි කලාපය සහ අනුරාධපුර දිස්ත්‍රික් මහාවාරි ඒකාබද්ධ ගොවි සංවිධානය ඇතුළු ගොවි සංවිධාන රැසක් එකතු වීමෙන් බව වාර්තා වේ.

එහිදී ඔවුන් වී සඳහා සාධාරණ මිලක්, ගොවීන් මුහුණපාන ආර්ථික දුෂ්කරතාවලට කඩිනම් විසඳුම්, කෘෂිකාර්මික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් රජය අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටි බව සඳහන්.

ප්‍රතිකාර ලබමින් සිටියදීම රටක් ආදරය කළ හිටපු ක්‍රිකට් තරුවක් හදිස්සියෙම යන්න යයි - රසික හදවත් කම්පා කළ ඔහුගේ මරණයට හේතුව මෙන්න

ප්‍රතිකාර ලබමින් සිටියදීම රටක් ආදරය කළ හිටපු ක්‍රිකට් තරුවක් හදිස්සියෙම යන්න යයි - රසික හදවත් කම්පා කළ ඔහුගේ මරණයට හේතුව මෙන්න

එමෙන්ම මෙසේ උද්ඝෝෂණයට එක්වූ ගොවීන් අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවි නායකයෝ රැසක් ද සිටි බව වාර්තා වේ. ඒ අනුව කැකිරාව කුඹුක සිසිල ළමා උද්‍යානය අසළීන් සිය විරෝධතා පාගමන ආරම්භ කළ ගොවින් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සටන් පාඨ කියමින් කැකිරාව වටරවුම දක්වා ගමන් කළා.

පසුව කැකිරාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත පැමිණ සිය ඉල්ලීම් ඇතුළත් සංදේශයක් කැකිරාව ප්‍රාදේශීය ලේකම් ඉසුරු බංඩාර මහතා වෙත භාර දීමට එම ගොවීන් කටයුතු ක‍ර තිබුණා.

රජය මගින් විශේෂ සති දෙකක් ප්‍රකාශයට - දිවයින පුරා ක්‍රියාත්මකයි

රජය මගින් විශේෂ සති දෙකක් ප්‍රකාශයට - දිවයින පුරා ක්‍රියාත්මකයි

බන්ධනාගාරේ ගොඩක් රැඳවියන් මැරුණේ කුඩා කවුළුවකින් ඇතුළට තැබූ වෙඩි ප්‍රහාරවලින් - සිරකරුවන්ට වෙඩි තැබීම අශිෂ්ඨයි, මිලේච්ඡයි, නින්දිතයි - ෆ්‍රී ලෝයර්ස්

බන්ධනාගාරේ ගොඩක් රැඳවියන් මැරුණේ කුඩා කවුළුවකින් ඇතුළට තැබූ වෙඩි ප්‍රහාරවලින් - සිරකරුවන්ට වෙඩි තැබීම අශිෂ්ඨයි, මිලේච්ඡයි, නින්දිතයි - ෆ්‍රී ලෝයර්ස්