දිනු ජීප් රථය ගැනීමට අංක 30 කට easy cash කල තරුණයාට සිදු වු දේ.. ඔබත් පරිස්සමෙන්..

fake news gampola Pajero easy cash
By Sewvandhi Jul 29, 2021 04:30 AM GMT
Sewvandhi

Sewvandhi

Report

දිනුමක් ලෙස ඇදී ඇති ජීප් රථයක් තමා සන්තක කර ගැනීමට බදු මුදල් ලෙස ගෙවිය යුතු යැයි දැන්වූ රුපියල් ලක්‍ෂ 3 ක මුදලක් ඊසි කෑෂ් කළ තරුණයකුට අවසානයේ සියල්ල අහිමි වී නීතියේ පිහිට පැතීමට සිදු වූ පුවතක් ගම්පොල පොලිසියෙන් වාර්තා වනවා.

මොහු ගම්පොල පුස්සැල්ලාව හෙල්බොඩ ප‍්‍රදේශයේ පදිංචි තරුණයෙක් මෙම තරුණයාට ලැබී ඇති දුරකථන ඇමතුමකින් කියවී ඇත්තේ ඔබ පාවිච්චි කරන දුරකථන සිම්පත අයිති සමාගම මගින් අදින ලද දිනුමකට අනුව විශාල තෑග්ගක් සමඟ ජීප් රථයක් ලැබී ඇති බවයි.

ඒ පිළිබඳ අවස්ථා කිහිපයකදී පැහැදිලි කර ඇති ඔවුන් අවසානයේ එම තෑග්ග හෙළිකර එය ලබා ගැනීමට නම් රජයේ බදු, දිනුම් හිමියා විසින් ගෙවිය යුතු බව දන්වා තිබෙනවා එමෙන්ම ජීප් රථය මෙම තරුණයාට ලැබෙන දිනය දන්වා ඇති අතර එය ගම්පොල නගරයට ගෙනැවිත් දෙන බව පවසා තිබෙනවා .

මෙම දුරකථන සමාගමේ ප‍්‍රධානීන් ඇතුළු පිරිසක් ජීප් රථය රැගෙන ගම්පොල නගරයට පැමිණීමට පෙර මෙම බදු මුදල ලබා දෙන දුරකථන අංකවලට ඊසි කෑෂ් කළ යුතු බවටයි දන්වා තිබෙන්නේ පසුව තරුණයා මුදල් රැගෙන හැකි ඉක්මනින් ගම්පොල නගරයට පැමිණ තිබෙනවා .

ඔවුන් දුරකථන අංක 30 ක් මෙම තරුණයාට ලබා දී ඇති අතර , ඒ අනුව එක් අංකයකට රුපියල් දස දහස බැගින් ඊසි කෑෂ් මගින් එම අංක වලට මුදල් දමා තිබෙනවා තරුණයා එම කටයුත්ත සිදුකර සමාගමට දැන්වූ පසු ඔවුන් පවසා ඇත්තේ අප කොළඹ සිට පැමිණෙමින් සිටින බවත්, ගම්පොල නගරයට වී සිටින ලෙසත් ය.

ඒ අනුව තරුණයා පැය ගණනාවක් ගම්පොල නගරයේ රැඳී සිට ඇති අතර බොහෝ වේලා ගතවන නිසා මොහු වරින්වර එම දුරකථන අංකයට කතා කිරීමට උත්සාහ කළ ද එය භාවිතයේ නොමැති බව හෙළිවී තිබෙනවා අවසානයේ තරුණයා නිවසට ගොස් පසුව මිතුරන් සමඟ එම දුරකථන සමාගමේ ප‍්‍රාදේශීය කාර්යාලයට ගොස් මේ බව දැනුම් දී ඇති අතර එවැනි දිනුම් ඇදීමක් තම සමාගම මගින් සිදු නොකරන බවට පැවසීම නිසා ඔහු මෙසේ නීතියේ පිහිට පතා තිබෙන බවයි වාර්තා වන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now



ReeCha